Colombo Today Local News

ගෑස් පිපිරිම සංයුතිය වෙනස්වීමෙන් සිදුවන බවට පැතිර යන පුවත් අසත්‍යක් – කිසිදු තැනක එල්.පී. ගෑස් ටැංකි පිපිරීමෙන් සිදු වු අනතුරු කිසිවක් නැහැ

පසුගිය දින කිහිපය තුළ සිදුවු ගෑස් පිපිරීම් ආශ්‍රිත සිදුවීම් එම වායුවේ සංයුතිය වෙනස්වීම හේතුවෙන් සිදුවන බවට සමාජය තුළ පැතිර යන පුවත් අසත්‍ය බව ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අද (25) දින නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩුවේ රස පරීක්ෂකවරයා මේ බව සඳහන් කර තිබේ.

ඒ අනුව පසුගිය 20 වනදා කොළඹ තුරග තරග පිටිය අසල අවන්හලක ඇති වු ගින්න ද්‍රව පෙට්‍රෝලියම් වායුව අදාළ අවන්හල තුළ කාන්දුවීමක් සිදුවු බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

ඒ අනුව එම වායුව, වායු කලාපය තුළ පුපුරා ගොස් ඇති බව හා එම අවස්ථාවේ ක්‍රියාකාරීව පැවති විදුලි උපකරණයකින් නිකුත් වූ විදුලි පුලිඟුවක් මඟින් එම වායුව ජ්වලනය වීම හේතුවෙන් ගින්න හට ගත් බවට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මඟින් දැනුම් දුන් බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

මේ අතර, අද දිනයේ ලාෆ් ගෑස් සමාගම ද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, යම් යම් අවස්ථාවල දී එල්.පී. ගෑස් සම්බන්ධව සිදුවූ අනතුරුවලට ආශ්‍රිතව ගෑස් ටැංකි පිපිරී යාමෙන් සිදුවූ අනතුරු ලෙස නම් කරනු ලැබූවද ලංකාවේ මෑත ඉතිහාසයේ කිසිදු තැනක එල්.පී. ගෑස් ටැංකි පිපිරීමෙන් සිදු වු අනතුරු කිසිවක් නැති බව ද සඳහන් ය.

බොහෝ විට සිදුව ඇත්තේ එල්.පී. ගෑස් සම්බන්ධව පාරිභෝගිකයන්ගේ නොදැනුවත්භාවය නිසා හා විවිධ අවිධිමත් භාවිතයන් නිසා සිදුවුනු අනතුරු බවත් ලාෆ්ස් ගෑස් සමාගම පවසයි. මේ සම්බන්ධයෙන් ලාෆ්ස් ගෑස් සමාගම නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Related posts

අපේ කතිර පොජ්ජෙන් සජිත් හුරා මන්දු කරන්නවා – වැද්දෝ 5ක් ගෙන්වා එජාපයෙන් මාධ්‍ය හමුවක්

colombotoday

සිව්දරු මවක් ගිනි තබාගෙන… තත්වය බරපතලයි

Admin

ආපන ආපනශාලාවක වෙඩි තැබීමක් – හිමිකරු මරුට

Admin

මෙරටට ළඟා වූ ඩීසල් නැවකට මුදල් ගෙවයි..

colombotoday

මැතිවරණ වේදිකාවේ පට්ට ගැසූ රවී කරුණානායකට විශිෂ්ට ජයක් – කොට්ඨාශ 9ම දිනයි – මන්ත්‍රීවරු 17ක් තේරී පත් වේ

colombotoday

දුම්රිය ගමනට බාධා නිසා ප්‍රමාදයක්

Admin