Colombo Today Local News

මාධ්‍යවේදීන්ට හා ජනමාධ්‍ය ආයතනවලට අදාළව පවතින නීති සංශෝධනයට නව කමිටුවක්

මාධ්‍යවේදීන්ට හා ජනමාධ්‍ය ආයතනවලට අදාළව පවතින නීති සංශෝධනය, ප්‍රතිපත්ති හා ආචාරධර්ම සකස් කිරීම සඳහා කමිටුවක් පත්කිරීමට ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව සඳහා අනුමැතිය හිමිව තිබේ.

මේ සඳහා අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශවල සහ මාධ්‍ය, අලෙවිකරණ, අධ්‍යාපනික, නීති, පරිපාලන හා ආර්ථික වැනි ක්ෂේත්‍රයන්හි අත්දැකීම් සහිත පුද්ගලයන්ගේ නියෝජනය සහිතව අදාළ කමිටුව පත්කෙරෙනු ඇති.

එහිදී ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රමිතිකරණය සඳහා පවතින අණපනත්, අන්තර්ජාතික අණපනත්, ජාතික හා අන්තර්ජාතික මාධ්‍ය ආයතනවල ක්‍රියාකාරිත්වය සහ සමාජ සංස්කෘතික අනන්‍යතා යන ක්ෂේත්‍රයන්ට විශේෂ අවධානය යොමුකෙරෙණු ඇති.

මේ අතර ඉහළ වෘත්තීය නිපුණතාවක් සහිත මාධ්‍ය වෘත්තිකයින් බිහි කිරීමට අවශ්‍ය පසුබිම ගොඩනැගීමද එහි මූලික අරමුණක් වී තිබේ.

සමාජ මාධ්‍ය ඇතුළු නව මාධ්‍ය භාවිතය සහ හැසිරීම පිළිබඳ දැනුම, අවබෝධය සහ සන්නිවේදන උපක්‍රම සමාජගත කිරීම, ඩිජිටල් තාක්ෂණයට අනුගත වීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම කෙරෙහි මේ වන විට අවධානය යොමු වී ඇති බවද කැබිනට් තීරණ දැනුම්දීමේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

ජනමාධ්‍ය හා සන්නිවේදන ක්ෂේත්‍රයේ ගෝලීය වර්ධනය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රමිතිකරණය කිරීම අදාළ කමිටුව පත්කිරීමේ මූලික අරමුණ වී තිබේ.

Related posts

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ගුවන් සමාගම අතර අවබෝධතා ගිවිසුමක්

Admin

ගෝඨාභයට අනින්න ගිය රන්ජන් මාධ්‍ය ඉදිරියේ කද හරහා ඇනගනී…

colombotoday

රුපියලේ අගය තවත් ශක්තිමත් වෙයි

Admin

ඇමති වජිරත් සහනාධාර අවභාවිතයේ.. ජනතාව දුන් ආධාර තමන්ගේ නම ගසා බෙදා හරී

colombotoday

ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයින් පොලිස් අත් අඩංගුවට!

colombotoday

නව ආරක්ෂක ලේකම්ගේ සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රිය අධික වේගයෙන් ගොස් දියවන්නාවේ

Admin