Colombo Today Local News

දුර්ලභ ගණයේ කෝටි 100ක මැණිකක් මෙරටින් හමු වෙයි

ඉතා දුර්ලභ ගණයේ Natural Phenakite වර්ගයේ මැණික් ගලක් මෙරටින් හමුවී තිබේ.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසන්නේ මෙම මැණික් ගල ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හමුවූ විශාලතම Phenakite මැණික බවය.

එම මැණික් ගල මේ වනවිට බේරුවල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකු සතුව තිබේ.

බලංගොඩ ප්‍රදේශයෙන් එම මැණික ඔහු මිලදී ගෙන ඇත.

එහි බර කැරට් 616.90ක් වන අතර එහි මිල රුපියල් කෝටි 100ක් පමණ වන බව එම ව්‍යාපාරිකයා පවසයි.

අදාළ ව්‍යාපාරිකයා මේ සම්බන්ධයෙන් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය දැනුවත් කිරීමෙන් අනතුරුව ඒ සඳහා ඔහුට සහතිකයක් ද නිකුත් කර තිබේ.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා පැවසුවේ මෙම මැණික් වර්ගය ඉතා දුර්ලභ බැවින් එය අධික මිලකින් යුක්ත බවය.

කෞතුක වශයෙන් මැණික් එකතු කරන්නන් විසින් මෙවැනි මැණික් ගල් වැඩි මිලකට මිලදී ගනු ලබන බවත් ඔහු පවසයි.

මැණික් ව්‍යාපාරික මොහොමඩ් පස්රීන් නසීර් මහතා, “මම සාමාන්‍යයෙන් රට වටේම ගිහින් මැණික් ගල් එකතු කරනවා. එහෙම කරලා ව්‍යාපාරිකයන්ට දෙනවා. ඒ විහිදට කිලෝ 4ක විතර ගල් මට එකතු වුණා. ඒ අතර මේ ගලත් තිබුණා. ඒ ටික මම විකුණන්න ගියාම මේක පළිගුවක් කියලා අයින් කළා. ඊට පස්සේ මම මේක විතරක් පරීක්ෂා කරන්න දැම්මා. ඒ වෙලාවෙදි තමයි මේක හඳුන ගත්තේ. මගේ ජීවිතේට මම මේ නම අහලා තිබුණෙත් නෑ.”

Related posts

“බිය නොවන්න.. ඡන්දය දිනනා හැටි මම පෙන්වන්නම්“ ජනපති ශ්‍රීලනිප බලමුළු තරකරයි

colombotoday

සිව්දින නිල සංචාරයකට ජනපති ජර්මනියට

Admin

ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයින් පත්කිරීමේ අවසන් තීරණය බ්‍රහස්පතින්දා

Admin

ආණ්ඩුව දේශද්‍රෝහීයි – පිවිතුරු හෙළ උරුමය සර්ව පාක්ෂික සමුළුවෙන් ඉවත් වෙනවා – ගම්මන්පිල

colombotoday

ශ්‍රීලන්කන් ගුවන් සේවයට මාස 6ක් කල් දෙයි.

Admin

නොදන්න දෙයියන්ට වඩා දන්නා මහසෝණා හොදයි, මීලග ජනාධිපති වීමට රනිල්ට නියත විවරණ දෙනවා – තීනියාවල පාලිත හිමි

colombotoday