Colombo Today Local News

සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා තනතුර හැර යයි

ඇඹිලිපිටියේ තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරුණු සාක්ෂි විමර්ශනයේදී පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිඥයෙකු ලෙස පෙනී සිටි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ඉන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ඒ පිළිබඳව අද (15) දිනයේදී පොලිස්පතිවරයා වෙත ද ලිඛිතව දැනුම් දී ඇති අතර ඇඹිලිපිටියේ තරුණයා මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් වන සාක්ෂි විමර්ශන කටයුතු ආරම්භ කෙරුණේ ඉකුත් බදාදායි. පොලිසිය පාර්ශ්වයෙන් ඒ සඳහා නීතිඥවරයෙකු ලෙස රුවන් ගුණසේකර මහතා පත්කර තිබුණා.

කෙසේ වෙතත් ඊට අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විජිත ජී. පුංචිහේවා මහතා විරෝධය පළ කළා. කෙසේ වෙතත් පළමු දිනයේදී එම විරෝධතා සමථයකට පත්වූ බවයි වාර්තා වන්නේ

Related posts

අමෙරිකාවට සුපුරුදු පරිදි එකවර චරිත දෙකක් රඟපෑමට හැකියි – චීනෙන් ඇමරිකාවට ප්‍රහාරයක්

colombotoday

කඩුවකින් පහර දී අවුරුදු 3ක දරුවෙක් යාබද නිවසේ මාරයා බිලි ගනී

Admin

ත්‍රස්තවාදීන්ට උදව්කල ජවිපෙ අපේක්ෂක ඊබ්‍රාහිම් පවුලේ කෝටි 100 ක දේපොළ තහනම්…?

colombotoday

අස්වැසුම ප්‍රතිලාභ වෙනස් වෙයි

Admin

2020 ජනපතිවරණයේ ශ්‍රීලනිප ජනපති අපේක්ෂකයා මෛත්‍රී !

colombotoday

පොලිස්පති සංවේදී වෙයි.. මහ සභාවක් අමතමින් කදුළු සළා හඩයි

colombotoday