Colombo Today Local News

මාස දෙකකදී තෙල් සංස්ථාවට කෝටි 2000ක ඉතිහාසගත පාඩුවක්

ඉන්ධන අලෙවියෙන් සංස්ථාව ලබන පාඩුව දිනෙන් දින ඉහළ යමින් තිබෙන බවත් ඊයේ (17දා) වන විට ඞීසල් ලීටරයකින් රුපියල් 38ක පාඩුවක් ද පෙට‍්‍රල් ලීටරයකින් රුපියල් 25ක පාඩුවක්ද සිදුවී ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා කීය.

මේ වන විට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් සියය ඉක්මවා ගොස් ඇතිමුත් මෙරට මිල ගණන් ඊට සාපේක්‍ෂව ඉහළ නොදැමීම නිසා ඉකුත් ඔක්තෝබර් මාසයේදී පමණක් සංස්ථාව ලැබූ පාඩුව රුපියල් කෝටි 1000 ඉක්මවා තිබූ අතර මෙම නොවැම්බර් මාසයේදීත් සංස්ථාව රුපියල් කෝටි 1000 ඉක්මවා පාඩුවක් ලබනු ඇතැයි ගණන් බැලීමේදී පෙනීයන බවද ඒ මහතා කීය.

ඒ අනුව මාස දෙකකදී තෙල් සංස්ථාව ලබන කෝටි 2000ක පාඩුව ඉතිහාසගත පාඩුවක් යැයිද ඒ මහතා සඳහන් කළේය.

ජනතාව මත ඉන්ධන මිල පතිත නොකර එම පාඩුව රජය මගින් දරා ගත්තත් අවසාන වශයෙන් මහා භාණ්ඩාගාරය මෙම පාඩුව දරනු ඇති බවත් ජනතාවගේ වගකීම වන්නේ අරපරිස්සමින් ඉන්ධන භාවිතා කිරීම බවත් තෙල් සංස්ථා සභාතිවරයා කියා සිටියේය.

ඉන්ධන හිඟයක් ඇති වෙතැයි සිතා බොහෝ දෙනා වැඩිපුර ඉන්ධන ලබාගෙන තිබෙන බැවින් ඒ අය තමන් සතු ඉන්ධන අරපරිස්සමින් භාවිතා කිරීම මේ අර්බුදකාරී මොහොතේ අතිශය වැදගත් වනු ඇතැයිද ඒ මහතා තවදුරටත් පැවැසීය.

Related posts

අභිත රණවිරුවෙක් කට උත්තර දෙන්න එයි.. ජනපතිට පත්තරෙන් බලාගන්නැයි කියා එයි

colombotoday

ආසියානු ක්‍රිකට් කුසලානය දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනපතිගෙන් උණුසුම් සුබ පැතුම්..!

colombotoday

මට ඇත්තේ උදාගම් 20.000ක් හදා ජනතාවට පූජා කිරීමේ නැටුම පමණයි…

colombotoday

දක්ෂ, කාර්යශූර මට නිකරුණේ මඩ ගහනවා… ජනපතිත් වගකිව යුතුයි… දේශපාලනයෙන් ඉවත්වෙන්න හිතෙනවා…

colombotoday

බැදුම්කර බෑණා ගේ කල්කුඩා අරක්කු කම්හලට සුපිරි බදු සහනයක්

colombotoday

“අද අපට උදව් කරන්න.. හෙට අපි රටටම බත් දෙන්නම්” බෝගස්වැව ගොවි, රණවිරු මව්වරුන්ගේ ආයාචනය

colombotoday