Colombo Today Local News

දුම්වැටියක මිල රු.5කින් ඉහළට

දුම්වැටි මත අය කරන බද්ද වහාම ක‍්‍රියාත්මක වන පරිදි වැඩි කිරීමට යෝජනා කරනු ලබනවා.

ඒ අනුව, එක් දුම්වැටියක මිල රු. 5 කින් වැඩි වනු ඇත.

මෙමගින් රු. බිලියන 8 ක ආදායමක් රජය අපේක්ෂා කරනවා.

වහාම ක‍්‍රියාත්මක වන පරිදි සුරා බද්ද වැඩි කිරීමට යෝජනා කරනවා.

මෙම බදු වැඩි කිරීම මගින් රු. බිලියන 25 ක අතිරේක ආදායමක් ලබා ගැනීමට අපේක්ෂා කරනවා.

මෝටර් රථ අනතුරුවලට ලක්වන වාහන සම්බන්ධයෙන් ගාස්තුවක් අයකර ගැනීමට ද, එම ගාස්තුව රක්ෂණයෙන් ප‍්‍රතිපූර්ණය කර ගැනීමට අවස්ථාව ලබාදීමට ද යෝජනා කරනවා.

මේ මගින්, සිදු වන මෝටර් රථ අනතුරු අවම කර ගැනීමට අපේක්ෂා කරනවා.

වාහන නවීකරණය, වෙනස් කිරීම හා වැඩි දියුණු කිරීම සඳහා ගාස්තුවක් අය කිරීමට ද, සමා කාලයක් ඇතුළත දඩ මුදලක් ගෙවීමට යටත්ව ධාවනය කිරීමට යෝග්‍ය නීත්‍යානුකූල නොවන මෝටර් වාහන සහ

යතුරු පැදි නීත්‍යානුකූලව ලියාපදිංචි කිරීමට ද යෝජනා කරනවා.

Related posts

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙට සිට

Admin

WhatsApp අලුත් වෙයි : නව විශේෂාංග 3ක්..

Admin

ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් කවුන්සිලයේ සමඅනුග්‍රහයෙන් ඉල්ලා අස්වෙන්න – ඒකාබද්ධ විපක්ෂය ජනපතිට ලියයි

colombotoday

පානදුර දෙපිරිසක් ගැටී නිවෙසක් ගිනි බත් කර නවතී

Admin

ෆවුසි රාජ්‍ය ඇමතිකමක දිවුරයි

colombotoday

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් සියයට 4.4කින් අඩු වෙයි

Admin