කොළඹ විශ්ව විද්‍යාලයේ නව කුලපතිවරයා පත් කිරීම පිළිබඳව කණස්සල්ලට පත්වන බව එම විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ආචාර්යවර්නගේ සංගමය සඳහන් කරයි.
කොළඹ විශ්ව විද්‍යාලයේ නව කුලපතිවරයාගේ පත් කිරීම පිළිබඳව නැවත සලකා බලන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද එම සංගමය පවසයි.
කොළඹ විශ්ව විද්‍යාලය ශ්‍රී ලංකාවේ පැරණි හා ඉහළ පිළිගැනීමක් සහිත විශ්ව විද්‍යාලයක් බව ද එහි ගෞවරය ආරක්ෂා කිරීම සියලු දෙනාගේ වගකීමකැයි ද එම නිවේදනයේ සඳහන් කර ඇත.