Colombo Today Local News

වෛද්‍ය සේවා වෘත්තිය සමිති 16ක් එක්ව ආරම්භ කල වැඩවර්ජනය අවසන්

හෙද, පරිපූරක , අතුරු වෛද්‍ය සේවාවවලට අයත් වෘත්තිය සමිති 16ක් එක්ව දීපව්‍යාප්තව ආරම්භ කර ඇති සංකේත වැඩවර්ජනය අද (10) උදෑසන 07.00න් අවසන් කරන බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය පවසයි.

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඇතුළු ක්ෂේත්‍ර 16ක වෘත්තීකයින් ඊයේ (09)දින පැය 24ක වැඩ වර්ජනයක් ආරම්භ කළේය.

ඒ වැටුප් විෂමතා ඉවත් කිරීම, වෘත්තීමය උපාධියට හිමි තනතුරුවල පිහිටුවීම, සෞඛ්‍ය පරිපාලන සේවයක් පිහිටුවීම සහ මාණ්ඩලික සේවා චක්‍රලේඛය නිකුත් කිරීම ඇතුළු කරුණු 6ක් මුල්කරගනිමිනි.

රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවැසුවේ හෙද, වෛද්‍ය රසායනාගාර, ඖෂධවේදීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනියන් ඇතුළු වෘත්තීයවේදින් 50,000ක් පමණ එම වර්ජනයට එක්වූ බවය.

මාතෘ හා ළමා රෝහල්, පිළිකා රෝහල් සහ කොවිඩ් රෝහල් ඇතුළු විශේෂිත රෝහල් කිහිපයක හැර අනෙකුත් සියලුම රෝහල්වල මෙම වර්ජනය ක්‍රියාත්මක විය.

කෙසේ වෙතත් වර්ජනය හේතුවෙන් රෝහල්වල නේවාසික හා බාහිර රෝගී ප්‍රතිකාර සේවාවලට එල්ලවූයේ දැඩි බලපෑමකි.

එම වෘත්තීව ක්‍රියාමාර්ගයට සමගාමීව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය ඊයේ දහවල් කොළඹ ජාතික රෝහල ඉදිරියේ විරෝධතාවයේ නිරත වුණි.

Related posts

දින 100 වැඩපිළිවෙල මං දන්නේ නෑ කියා මං කීවේ නෑ – ජනපති

colombotoday

මව සහ පුතු ළිඳකට බිලිවෙයි

Admin

කෝටියක කහ කල්පිටිය උසාවි භූමියේ දී ගිනි තියයි

colombotoday

සාක්ෂි පරස්පරයි… සයිටම් වෙඩිල්ල කුමන්ත්‍රණයක්ද.. පොලීසියට සැකයක් !!

colombotoday

“උතුරේ කිසිදු ඉඩමක් හමුදාවට දෙන්නෙ නෑ“ – විග්නේෂ්වරන්ගෙන් නිල ප්‍රකාශයක්

colombotoday

ධම්මිකගේ නමට මැතිවරණ කොමිසමේ අනුමැතිය… පාර්ලිමේන්තු යැවීමේ ගැසට් පත්‍රය නිකුත් කිරීමට සියල්ල සූදානම්

colombotoday