Colombo Today Local News

16 හැවිරිදි ළමයා ධාවනය කළ ජීප් රථය මාරක අනතුරක. වාහන 5ක් එකිනෙක ගැටෙයි

මහබාගේ ප්‍රදේශයේදී ජීප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන තවත් වාහන 04 ගැටීමෙන් සිදු වූ අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසුවේ, අද (04) උදෑසන කොළඹ සිට මීගමුව දක්වා ධාවනය වී ඇති අදාළ ජීප් රථය මාර්ගයෙන් ඉවතට පැන මීගමු සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක , ත්‍රිරෝද රථයක සහ යතුරුපැදි දෙකක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

වයස අවුරුදු 16 ක ළමයෙකු අදාළ ජීප් රථය පදවා ගෙන ගොස් ඇති බව හෙළිවී ඇති අතර ඔහු සහ ජීප් රථයේ හිමිකරු වන ඔහුගේ පියා ද පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

තුවාලකරුවන් අතරින් එක් අයෙකුගේ තතත්වය බරපතළ බවත් අනෙක් තිදෙනා දැනට රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

අනතුරින් මියගොස් ඇත්තේ, මහබාගේ ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙකි.

Related posts

වැඩි කළ VAT අද සිට අත්හිටුවන්න, ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි

colombotoday

රනිල් වික්‍රමසිංහත් බන්ධනාගාර ගත වෙයිද?

colombotoday

අද එන්නත් ලබා දෙන ස්ථාන මෙන්න

colombotoday

“ආරක්ෂක තත්ත්වය අන්තිමයි.. යහපාලනය එන්න කළින් හමුදාව ශක්තිමත්, දැන් දුර්වලයි, හදිසි යුද්ධයක් ආවොත් අපි ඉවරයි” – ෆොන්සේකා අනතුරු අගවයි

colombotoday

උඩ වලවේ වෙඩි හුවමාරුවක්

colombotoday

අපිට රට හදන්න බැරිනම් වෙන කාටවත් බෑ

Admin