Colombo Today Local News

නැනෝ නයිට්‍රජන් දියර පොහොර රැගත් ඉන්දීය ගුවන් හමුදා යානා 2 ක් දිවයිනට

ඉන්දියාවේ නිෂ්පාදිත නැනෝ නයිට්‍රජන් දියර පොහොර රැගත් ඉන්දීය ගුවන් හමුදාවේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකක් අද (04) අලුයම කටුනායක ගුවන්තොටුපළට ළඟා විය.

ඉන්දීය ගුවන් හමුදාවට අයත් අයි.එෆ්.සී.- 8 ඩී 21 භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද අලුයම 12.06 ට දිවයිනට පැමිණි බව ගුවන්තොටුපළ කාර්යභාර නිලධාරිවරයා සඳහන් කරයි.

එම ගුවන් යානය තුළ ඇති නැනෝ නයිට්‍රජන් දියර පොහොර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 44,730 කි.

නැනෝ නයිට්‍රජන් දියර පොහොර රැගත් දෙවන ගුවන් යානය මෙරටට පැමිණ ඇත්තේ අලුයම 3.02 ට පමණයි.

එහි ඇති නැනෝ නයිට්‍රජන් පොහොර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 44,773 ක් බව කටුනායක ගුවන් තොටුපළ කාර්යභාර නිලධාරිවරයා සඳහන් කළේ ය.

පොහොර තොගය ලොරි රථ මගින් කොළඹ කෘෂිකර්ම අමාත්‍යාංශයේ මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන යෑමට සූදානම් කර ඇත.

Related posts

රහස් ඡන්දය ඡායාරූපගත කළොත් වසර 7කට මැතිසබයේ අසුන් තහනම්

colombotoday

ඥාණසාර හිමි බන්ධනාගාරයට…

colombotoday

‘ස්පුට්නික් V’ එන්නත් මාත්‍රා තොගය දිවයිනට

colombotoday

සහල් නැවකට සල්ලි බදී

Admin

ලංකාව චීනයට ණය වූ තරම හෙළිවෙයි.. පසුගිය වසර 12 රු. කෝටි ලක්ෂයක් චීණෙන් ණය අරන්

colombotoday

“මහෝෂධ වගේ රැඟුවට අජිත් පී පෙරේරා කේවට්ටයෙක්” – විජේදාසගෙන් සැර ප්‍රහාරයක් (Video)

colombotoday