Colombo Today Local News

කබ්රාල්ගේ පත්වීමට එරෙහි පෙත්සම ඉවතට

හිටපු අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්කිරීමේ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකරන ලෙස පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ගොනුකර තිබූ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය කරනු ලැබීය.

එම පෙත්සම සලකා බැලූ අවස්ථාවේ දී මූලික විරෝධතා මතු කළ නීතිපතිවරයා අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපතිවරයා වශයෙන් පත්කිරීම ජනාධිපතිවරයා විසින් සිදුකර ඇති හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 35 වන වගන්තිය ප්‍රකාරව එම පත්වීම අභියෝගයට ලක් කරමින් රිට් ආඥාවක් නිකුත් කළ නොහැකි බවට මූලික විරෝධතා මතුකර තිබුණි.

ඊට අමතරව නීතිපතිවරයා විසින් තවත් මූලික විරෝධතා කීපයක් ද ඉදිරිපත් කළේය.

පෙත්සම සම්බන්ධයෙන් තීරණය ප්‍රකාශය ට පත්කරමින් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ, නීතිපතිවරයා විසින් මතු කරනු ලැබූ මූලික විරෝධතා අධිකරණය විසින් පිළිගන්නා බවය.

ඒ අනුව බැලූ බැල්මටම නඩු නිමිත්තක් ස්ථාපිත කිරීමට පෙත්සම්කරු අපොහොසත් වී ඇති හෙයින් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන බව ද විනිසුරු මඩුල්ල සඳහන් කළේය.

දකුණු පළාත් හිටපු ආණ්ඩුකාරවරයෙකු වන රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කළේය.

Related posts

දිවයින පුරා වෛද්‍යවරු අදත් වර්ජනයේ

colombotoday

ජාතික හැඳුනුම්පත් සේවා ගාස්තු ඉහළට

Admin

ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනා වැඩි කරයි

Admin

අද රටම මිලිටරිකරණය කරලා… හමුදා භීතියෙන් ගැලවෙන්න සජිත් අගමැති කරන්න !

colombotoday

ජනපති මාධ්‍ය අංශයේ තිබූ ජංගම පටිගත කිරීමේ බස් රථය සහ කෝටි ගණනක් වටිනා තාක්ෂණ උපකරණ අතුරුදන් – වහාම සොයන්නැයි ජනපති නියෝග කරයි !

colombotoday

ජනාධිපති ධුර අපේක්ෂකයෙක් අභාවප්‍රාප්ත වෙයි

Admin