Colombo Today Local News

කොවිඩ් ආසාදිත පොලිස් සැරයන්වරයෙක්ගේ සිරුර රෝහල් වතුර ටැංකියේ දාගෙන දින 56ක් වතුර බීලා

කොවිඩ් ආසාදිතව රෝහල්ගත කළ පුද්ගලයකුගේ මළ සිරුරක් ගම්පොල රෝහලේ ප්‍රධාන ජල ටැංකියේ තිබී ගොඩ ගෙන ඇත. මෙම මළ සිරුර දින 56ක කාලයක් මෙම ජල ටැංකිය තුළ තිබෙන්නට ඇතැයි සැක කරයි.

කොවිඩ් ආසාදිත පුද්ගලයෙකුගේ මළ සිරුරක් රොහලේ ජල ටැංකිය තුළ දියවෙන්නට හැර ඒ ජලය දහස් සංඛ්‍යාත රෝගීන්ට හා රෝහල් කාර්ය මණ්ඩලයට පරිභෝජනය කිරීමට සැලැස්වූ රෝහලේ පාලන අධිකාරියේ අකාර්යක්ෂම වගකීම් රහිත ක්‍රියාකලාපය ගැන විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ගම්පල රෝහල සුරැකීමේ සංවිධානය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිඛිතව දන්වා ඇත.

මිය ගොස් ඇත්තේ පොලිස් සැරයන්වරයෙක් වූ එස්.ඉලන්බෝවන් නැමැති අයෙකි.

මෙම සැරයන්වරයාගේ පවුලේ සියලු දෙනාට කෝවිඩ් ආසාදිත වී බරපතල තත්ත්වයට පත් වීම නිසා රෝහල් ගත කර ඇත.

පසුගිය සැප්තැම්බරි 8 වැනිදා දහවල් සිට මෙම සැරයන්වරයා අතුරුදන්ව ඇත.

රෝහල් ජලටැංකියක් අසලින් දුගදක් වහන වූ බැවින් පසුගිය 29 වැනිදා ඒ පිළිබඳ සොයා බැලීමේදී සැරයන් වරයාගේ මල සිරුර ජල ටැංකිය තුළ තිබී හමු වී ඇත. ඒ වන විට සැරයන් අතුරදන්ව දින 56ක් ගත වී තිබුණි.

පුදුම සහගත තත්ත්වයනම් ජලටැංකියෙන් ගොඩගත් සිරුර නරක් නොවී ආරක්ෂා වී තිබීමයි.

ගම්පල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශ්‍රීයන්ත පීරිස්ගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙමින් ඇත.

Related posts

ඇමරිකාව මෙරට ජාතික ආරක්ෂාවට මැදිහත් වෙයි… තානාපතිනිය සී.අයි.ඒ ලොක්කෙකු සමග හම්බන්තොට වරායේ ආරක්ෂක කටයුතු නිරීක්ෂණය කරයි

colombotoday

පොලිස් සිරමැදිරියේ සිටි සැකකරුවෙක් සියදිවි නසා ගනී

colombotoday

අගමැති හොදා…යි.. මගේ ඡන්දෙත් ඔහුටයි… රනිල්ට එරෙහි මහ කස කරු රංගේ බණ්ඩාර

colombotoday

සියලු ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ මාර්තු 29 වැනිදා දක්වා නිවාඩු !

colombotoday

ඡන්දෙට වැඩකරපු, සුදුසුකම් නැති පිරිසකට රාජිත සහ බිරිය දුන් පත්වීම් කෝප් කමිටුවෙන් අත්හිටුවයි

colombotoday

“යහපාලනය නිසා උතුර දැන් සාමකාමීයි.. එනිසා මෙහෙට හමුදාව ඕන නෑ“ – විග්නේෂ්වරන්

colombotoday