Colombo Today Local News

කොල්ලුපිටිය නව වෙළඳ සංකීර්ණය කඩිනම් කරන්නැයි අගමැතිගෙන් උපදෙස්

ආයෝජකයන් දිරිමත් කරමින් මන්ත්‍රීවරුන් හා නිලධාරින් සියලු දෙනා එක්ව කොල්ලුපිටිය නව වෙළඳ සංකීර්ණ ව්‍යාපෘතිය කඩිනම් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දුන්නේය.

දැනට කොල්ලුපිටිය වෙළඳපොල පවතින ස්ථානයේ නව වෙළඳ සංකීර්ණය ඉදිකිරීමට යෝජිතය. ඊට අදාළ යෝජිත ව්‍යාපෘතියක් පසුගිය මාර්තු 12 වැනිදා අග්‍රාමාත්‍යතුමා ඉදිරියේ එළිදැක්විණි.

නාගරික සංවර්ධන අධිකාරිය කොළඹ මහා නගර සභාව සහ ඒ සඳහා තෝරාගන්නා ආයෝජකයකු එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
කොළඹ මහා නගර සභාවේ පක්ෂ නායක හමුවක් අරලියගහ මන්දිරයේ දී පැවති අවස්ථාවේ අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය.

Related posts

අධිකරණ ඇමති දැඩි තීරණයක් ගනී !

colombotoday

ඩයස්පෝරා කාර්යාලයක් ලංකාවට

colombotoday

පොලිසියට වෙට්ටු දාන්න ගිය කුරුඳු හොරා වහලෙන් වැටෙයි

Admin

මිළදී ගත්, ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday

රාධා ජුවලර්ස් හි හිමිකරුට රු.7,500ක ඇපයක් හා ශරීර ඇප 4ක්

colombotoday

“ගම්මන්පිල හිරකරේ චම්පිකගෙ උවමනාවට.. චම්පික ඉන්නේ වෛරයෙන්” වාසු

colombotoday