Colombo Today Local News

එක්ස්ප්‍රස් පර්ල් නැවේ ඉන්ධන ටොන් 278ක් තවදුරටත් ඇති බව හෙළිවෙයි

කොළඹ වරායට ආසන්නයේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තව දුරටත් ඉන්ධන මෙට්‍රික් ටොන් 278ක ප්‍රමාණයක් ඇති බවට උපකල්පනය කරන බව සමුද්‍රිය පරිසර ආරක්ෂණ ආධිකාරියේ සභාපතිනි දර්ශනී ලහඳපුර මහත්මිය පවසයි.

මෙයට පෙරදී එම නෞකාවේ ටැංකිවල තිබූ ඉන්ධන නොමැති බවට නෞකාව ගලවා ගැනීමේ සමාගමේ කපිතාන්වරයා සහ මෙරටට පැමිණි අන්තර්ජාතික තෙල් විසිරීම් පිළිබඳ විශේෂඥ කණ්ඩායමේ ලිඛිත වාර්තාවේ නිරීක්ෂණවල එය සඳහන් කර තිබුණි.

එහෙත් මේ වනවිට සිදුකල නිරික්ෂනවල දී හෙළි වී ඇත්තේ එම නෞකාවේ තව දුරටත් ඉන්ධන ඇති බවට හඳුනාගෙන ඇතැයි ලහඳපුර මහත්මිය පවසයි.

කෙසේ වෙතත් මෙම නෞකාව ගිනි ගන්නා අවස්ථාවේදී ඉන්ධන මෙට්‍රික් ටොන් 325ක් තිබූ බවත් හෙළිවී ඇත.

මෙම නෞකාව ඉවත් කරගැනීම කටයුත්ත සඳහා නෞකාවේ හිමිකාර සමාගම විසින් මේ වන විට අන්තර්ජාතික ටෙන්ඩර් කැඳවා තිබෙන අතර එම ටෙන්ඩර් අයදුම්කිරීමේ කාලය මේ මස 21 වනදා වන විට අවසන් වෙයි.

ඒ සමගම නෞකාවේ දැනට භාරකාර සමාගම ලෙස කටයුතු කරන සමාගම විසින් මුහුදු පත්ල යට සමීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ඉවත්කර ගැනීමට කටයුතු කෙරෙනු ඇතැයි සමුද්‍රිය පරිසර ආරක්ෂණ ආධිකාරියේ සභාපතිනි දර්ශනී ලහඳපුර මහත්මිය පවසයි.

එම කටයුතු බොහෝවිට ලබන මස මුල වන විට නැව ඉවත් කරගැනීමේ කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අතර ගිනි ගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කැබලි කිරීමක් සිදුවෙනු ඇතැයි ඇය පවසයි.

මෙම නෞකාව දිගින් මීටර් 186ක් සහ පළලින් මීටර 34ක් වන අතර නෞකාවේ පිටුපස කොටස මීටර 21ක් පමණ ගැඹුරින් ඇති
මුහුදු පතුලේ ගැටී තිබේ.

මෙම නෞකාව තුළ බහාලුම් 1,486 ක් තිබී ඇති අතර නයිට්‍රික් ඇසිඩ් ටොන් 25 ක් අඩංගු බහාලුම් කිහිපයක් ද ඒ අතර වන බව සඳහන්ය.

(ඉන්දික ශ්‍රී අරවින්ද)

Related posts

බුදුරුව සහිත සාරියක් පිටකොටුවෙන් සොයාගනී

colombotoday

කැළණි, කළු සහ ගිං යන ගංගා තුනේ ජල මට්ටම ඉහළට

colombotoday

පළාත් සභා ඡන්දය තිබ්බොත් ආණ්ඩුව ගෙදර. මුලින්ම එන්නේ ජනාධීපතිවරණයක් – මෛත්‍රී පවසයි.

colombotoday

මැටි වලන් වලට හොඳ කලක්

colombotoday

දරුවන්ගේ දෙවෙනි මවට අපි දුන්න 2500න් බින්දුවක් යහපාලකයන් ගිලලා…” – හිටපු ජනපති

colombotoday

මා අටලෝ දහමින් කම්පා වෙන්නේ නෑ – මඩ ප්‍රචාර සහ “සිංහලේ” පිළිබදව බොදුබලේ ඩිලන්තගේ මාධ්‍ය නිවේදනය

colombotoday