Colombo Today Local News

ඖෂධ අධිකාරියේ දත්ත මැකු එපික් ලංකා ඉංජිනේරුවා යළි රිමාන්ඩ්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැම්මැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි “එපික් ලංකා ටෙක්නොලොජීස්’ ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයා ලබන 25 වැනිදා තෙක් තවදුරටත්රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේෂ් බුද්ධික ශ්‍රී රාගල මහතා නියෝග අද (18) කළේය .

මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

මෙම සැකකරුගෙන් තවදුරටත් ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍යව තිබෙන බැවින් ලබන 21 වනදා සිට 23 වනදා අතර කාලසීමාව තුළ බන්ධනාගාරය තුළදී එම ප්‍රකාශය සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අවසර දෙන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස පැමිණිල්ල මෙහිදී අධිකරණයෙන් කළේය .

එම ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරයා අදාළ උපකරණ රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට ද නියෝග කළේය.

ඒ අනුව අදාළ ප්‍රකාශ සටහන් කර ගැනීමට ඉඩදෙන ලෙස මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර බලධාරීන්ට නියෝගයක් ද නිකුත් කළේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා ඇපමත මුදා හරින්නැයි ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම ලිඛිතව ලබන 25 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා බිත්ති පාර්ශවයට දැනුම් දුන්නේය .

Related posts

හැසිරීම අන්තිමයි.. මැතිවරණ කොමිෂමෙන් පළාත් පාලන නියෝජිතයින් ට රතු එළියක්

colombotoday

මනුෂ නානායක්කාරත් අත්අඩංගුවට ගැනීමට සුදානම් !

colombotoday

2014 දී දකුණු ආසියාවෙන්ම එක.. දැන් තුන.. සියළුම සංවර්ධන දර්ශකවලින් ලංකාව පහළට !

colombotoday

සාද් ශරාෆ් මස් වැද්දා පොලීසියට භාර වෙයි

colombotoday

කැලණිවැලි දුම්රිය මාර්ගයේ හරස් මාර්ගයක් 21වනදා වහයි – විකල්ප මාර්ග භාවිතා කරන්න

Admin

කබ්රාල්ගෙන් හිස්වන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය කැටගොඩට

colombotoday