Colombo Today Local News

දවල්ට කොම්පෝස්ට්.. රෑට යුරියා.. යොදා කාබනික ගොවිතැන සාර්ථකයැයි පෙන්නුවා. – ලොවක් ඇන්දු රතන හිමිගේ තවත් කුපාඩි වැඩක් හෙළිවෙයි.

කාබනික පොහොර යොදමින් ගොවිතැන් කිරීමෙන් හෙක්ටයාරයකට කිලෝ 2000-2500 පමණ අස්වැන්න පහල බැස ගිය බව ගොවීහු චෝදනා කරති.

රසායනික පොහොර යොදා ගොවිතැන් කිරීමේදී හෙක්ටයාරයකට කිලෝ පන්දහසක් පමණ ලබා ගත හැකි වූ බවද රසායනික පොහොර ඉල්ලමින් විරෝධතාවය යෙදෙන ගොවි ජනතාව කියා සිටියහ.

මාදුරැඔය කලාපයේ ගොවිතැන් කටයුතු කරන්න පිරිස් විසින් මෙම විරෝධතාවයන් පවත්වන ලදී.

එහිදී ඔවුන් තව දුරටත් කියා සිටියේ අතුරලියේ රතන හිමියන්ගේ මූලිකත්වයෙන් කාබනික ගොවිතැන පටන් ගත්තේ තම ගොවි ජනපදයෙන් බවයි.

එහි දී රාත්‍රියට යූරියා පොහොර යොදා පෙරවරුවේ කොම්පෝස්ට් පොහොර යොදමින් සාර්ථකයි කියා පෙන්නූ බවද සඳහන් කළහ.

එසේ කරමින් කාබනික ගොවිතැන සාර්ථක බව රටට පෙන්වීමට උත්සාහ කළ බව ද එක් ගොවියකු එහිදී කියා සිටියේය.

Related posts

සහරාන්ගේ ප්‍රහාරය ගැන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ තොරතුරු ලබාදුන් බව බස්නාහිර පළාත් බුද්ධි අධ්‍යක්‍ෂ කියයි

colombotoday

මුළු ලෝකෙටම අපේ හෙළුව පෙන්නුවා…

colombotoday

ජාතික ආණ්ඩුව ලැජ්ජ නැති වැඩක්.. ඒත් ව්‍යාවස්ථානුකූල නිසා නඩු දමා වැඩක් නෑ

colombotoday

වරෙන්තු 31ක් ඇති සැකකරුවකු වත්තලදී මාට්ටු

colombotoday

රට හාල් වරායෙන් බාන්නේ 110ට විකුණන්නේ 220ට

Admin

ජනාධිපති බැදුම්කර කොමිෂන් සභා වාර්තාව දැන් අන්තර්ජාලයේ

colombotoday