Colombo Today Local News

“ඉන්ධන මිල සහනාධාර නොලැබුනොත් මිල වැඩි කරන්න සිදුවෙනවා..”

මුදල් අමාත්‍යංශයෙන් බලාපොරොත්තු වන ඉන්ධන මිල සහනාධාර නොලැබුණ හොත් ඉදිරියේදි ඉන්ධන මිල වැඩි කිරීමට සිදු වන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ අයි.ඕ.සි සමාගම පෙට්‍රල් රුපියල් 15 කින් සහ ඩීසල් රුපියල් 25 කින් මිල වැඩි කරන ලෙස අමාත්‍යංශයෙන් ඉල්ලා ඇති බවයි.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ද ඉන්ධන මිල වැඩි කරන්නැයි, අමාත්‍යංශය වෙත ඉල්ලිම් ඉදිරිපත් කර ඇති බව අමාත්‍යවරයා පැවසී ය.

අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මේ වන විට ‍එම ඉල්ලිම් පිළිබඳව සලකා බලමින් සිටින බවයි.

මේ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි ද ඔහු සඳහන් කළේ ය.

Related posts

තන්නිමුරිප්පු භූමියට TNA උසාවි යයි

colombotoday

ටික් ටෝක් එකක් බාලවයස්කරුට මරු කැදවයි

colombotoday

හිටපු STF ප්‍රධානියා රිමාන්ඩ්.. චෝදනාව, වාහන අවභාවිතා

colombotoday

තත්වය බරපතලයි.. උතුරේ සන්නද්ධ කණ්ඩායම් නැගිටිනවා – බුද්ධි අංශ අනතුරු අගවයි

colombotoday

ශ්‍රී ලංකාව තුළ තවත් සංවේදී පරිසර පද්ධති 04ක් අලුතින් හදුනා ගනී

colombotoday

කළවැද්දන්ගේ අභියෝගවලට මං පිළිතුරු දෙන්නෑ – අධිකරණ ඇමති

colombotoday