Colombo Today Local News

ඉන්දීය යුද හමුදාපති ජෙනරාල් මනෝජ් මුකුන්ද් නරවානේ හෙට මෙරටට

ඉන්දීය යුද හමුදාපති ජෙනරාල් මනෝජ් මුකුන්ද් නරවානේ හෙට (12)දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. සිව්දින නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ ලේකම්වරයා මෙරටට පැමිණ සතියක් ගතවන්නටත් ප්‍රථම එරට හමුදාපතිවරයා මෙරටට පැමිණෙන්නේ දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ඉන්දු-ශ්‍රී ලංකා ඒකාබද්ධ යුද අභ්‍යාසය වන ‘මිත්‍ර ශක්ති’ සඳහා සහභාගි වීමටය.

දින පහක සංචාරයක් සඳහා පැමිණෙන ඉන්දීය යුද හමුදාපතිවරයා සිය සංචාරය අතරතුර ජනාධිපති ගෝඨ‍ාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ඇතුළු රජයේ ඉහළම ප්‍රධානීන් හමුවීමට නියමිතය. 2019 වසරේ සිදුවූ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව දෙරටේ ආරක්ෂක සබඳතා වර්ධනය කර ඇත.

කලාපීය සාගර ආරක්ෂාව පිළිබඳ ත්‍රෛපාර්ශ්වික සමුළුවක්ද ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවන සහභාගීත්වයෙන් පසුගිය මාර්තු මාසයේදී පවත්වනු ලැබීය.

Related posts

අන්තවාදී ඉගැන්වීම් තිබියදී ඉස්ලාම් පෙළපොත් මුද්‍රණයට ඇමති සුසිල්ගෙන් නියෝග.

colombotoday

BRAKING : බොදු බල සේනා සහ සිංහල රාවය කුරගල යයි

colombotoday

බුදුන් වහන්සේට අපහාස කළ ‘තව්හිද් ජමාත්‘ හිටපු ජනපතිට කුරාණයක් තෑගි දෙයි !

colombotoday

පස් වැනි වතාවටත් රනිල් අද අගමැති තනතුරේ දිවුරුම් දෙයි

colombotoday

බැදුම්කර වාර්තාව කල් යයි.. කොමිසමේ කාලය දීර්ඝ කෙරේ !

colombotoday

සත පහක්වත් වැය නොකර රජයට රු මිලියන 3500ක් ගෙනා ගෝඨාභයගේ සුපිරි වැඩක් ගැන විජයදාස හෙළි කරයි (Video)

colombotoday