Colombo Today Local News

එන්නත් නොගත් අවු. 20ට වැඩි අය සොයා සමීක්ෂණයක්

කොරෝනා මර්දන එන්නත් මේ වනතෙක් ලබා නොගත් වයස අවුරුදු 20ට වැඩි පුද්ගලයින් පිළිබඳ සමීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා සඳහන් කළේ, දිස්ත්‍රික් මට්ටමින් ඒ පිළිබඳ දත්ත ලබා ගන්නා බවය.

ඒ අනුව, එන්නත් ලබා නොගත් එම වයස් කාණ්ඩවල පුද්ගලයින් පිළිබඳව තොරතුරු ඇතුළත් වාර්තාවක් ලබන 11 වැනිදා අමාත්‍යාංශය වෙත ලබා දෙන ලෙස, දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී තිබේ.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවේ, සිදු කළ සමීක්ෂණයන්ට අනුව වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් 70,000ක් පමණ තවමත් එන්නත් ලබාගෙන නොමැති බවට වාර්තා වන බවය.

මේ වනතෙක් තමන් කොරෝනා එන්නත් ලබා නොගෙන ඇත්නම් ඒ පිළිබඳව ග්‍රාම නිලධාරීවරයාව දැනුවත් කරන ලෙස ද ස්වදේශ කටයුතු අමාත්‍යංශය ජනතාවට දැනුම් දෙයි.

කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ උපදෙස් මත මෙම සමීක්ෂණය ක්‍රියාත්මක ය.

Related posts

ගොවියන්ටත් ඩොලර් ලැබෙන වැඩක් අරඹයි

Admin

ආගමික නිදහස වැඩි කරන්න ඇමරිකාවෙන් ඩොලර් ලක්ෂ 05 ක් !

colombotoday

මාවනැල්ලේ බුදුපිළිම කැඩීම: සැකකරුවෝ 14ක් නිදහස්

colombotoday

නව සාමාජිකයින් පත්කෙරුණු මැතිවරණ – පොලිස් කොමිෂන් සභා කටයුතු අරඹයි

colombotoday

බගවන්තලාව වත්ත මැද කොටස හුදකලා කරයි

colombotoday

රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක්

colombotoday