Colombo Today Sports News

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ඕමානයේ නිරෝධායනයට

ඕමානය සමග පැවැත්වෙන විස්සයි විස්ස තරග දෙකක් සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ඕමානයේ නිරෝධායනයට යොමුකර තිබේ.

එක් දිනක් නිරෝධායනයේ නිරත වන ඔවුන් ඉන් අනතුරුව සිය පුහුණුවීම්වල නිරත වීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම ඉකුත් 03 වැනිදා ඕමානය බලා යාමට නියමිතව සිටියත්, එරටට බලපෑ ශහීන් නමැති කුණාටු තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකාව තරගාවලිය සඳහා පිටත් වූයේ පෙරේදා (04)වනදා ය.

දෙරට අතර පළමු තරගය මේ මස 07 වැනිදාත්, දෙවැනි තරගය 09 වැනිදාත් පැවැත්වීමට නියමිතය. මෙම තරගාවලිය සඳහා අයි.පී.එල්. තරගාවලියට එක්ව සිටින වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර හැරුණු විට ක්‍රීඩකයන් 21 දෙනෙක් පිටත් විය.

Related posts

ලෝක එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල නවසීලන්තය පෙරමුණට

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය – තිලංග යලි කඳවුරු බඳියි – නිශාන්තත් තරග බිමේ

colombotoday

ශ්‍රී ලංකාවට තීරණාත්මක ඉන්දියාවට එරෙහි දෙවන එක්දින තරගය අද

Admin

අකිලගේ දග පන්දුවට ICCයෙන් තහංචියක්

colombotoday

බංගලාදේශය 82ට දැවී යයි. ශ්‍රී ලංකාවට කඩුළු 10ක ජයක්…!!!

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කෝප් කමිටුවට

colombotoday