Colombo Today Local News

බදියුදීන්ගේ මල්ලී රටටම වස කවයි. පරිභෝජනයට නුසුදුසු සහල් මහ තොගයක් හොර පාරෙන් වෙළදපොලට

rishard badiudeenලංකා සතොස ආයතනයේ ඇති පරිභෝජනයට නුසුදුසු සහල් මෙට්‍රික්ටොන් තිස්දහසක් (30,000) සත්ව ආහාර ලෙස විකිණීමට අමාත්‍ය මණ්ඩලයෙන් ලැබුණු අවසරය උපයෝගී කරගනිමින් එම සහල් නැවත හොර පාරෙන් වෙළෙඳපොළට යාමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ.

ඒ සත්ව ආහාර සඳහා ලබාදීමට නියමවූ සහල් ලබාගැනීමට ඉදිරිපත්ව සිටින මිලදීගන්නන්ගෙන් බහුතරය සහල් මෝල් හිමිකරුවන්වීම නිසාය.

එබැවින් එම සහල් ඔවුන් විසින් සත්ව ආහාරවලට යැයි කියමින් මිලදීගෙන පසුව ඒවා ඔපදමා නැවත වෙළෙඳපොලට නිකුත් කිරීමේ අවදානමක් ඇති බව වාර්තා වේ.

මෙසේ ඉදිරිපත්ව සිටින පිරිස 15ක් බවත් මොවුන් කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතාගේ සොයුරාවන රියාජ් බදුයුදීන් මහතාගේ මිතුරන් බවත් පැවසේ.

මේ සහල්මොල් හිමියන් සත්ව ආහාර මිලදී ගැනීමේ බලපත්‍ර ඇති අය බවත්, ඔවුන් අදාල ජාවාරම් සිදුකරනු ලබන්නේ කාලයක සිට බවද සතොස අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ලංකාවේ ප්‍රධානම සත්ව ආහාර නිෂ්පාදකයින් වන ගෝල්ඩ් කොයින් හෝල්ඩිංග්ස් (Gold Coin Holdings) හා ප්‍රිමා (Prima) සමාගම්වලට මෙම සහල් තොග ලබා නොදීම අදාල සැකය තවත් වර්ධනය කරන්නක් වී ඇත.

කෙසේවුවද අදාල සහල් තොගය සත්ව ආහාරවලටද නුසුදුසු බව පැවසේ.

ඒ එම සහල්වලට වසරක කාලයක සිට මසකට දෙවරක් කෘමි නාශක යොදා තිබීම නිසාය.

srilankamirror.com

Related posts

රනිල් අගමැති කරන්න TNA උදව් කලාට එජාප ආණ්ඩුවට එක් වෙන්නේ නෑ – සුමන්දිරන්

colombotoday

“ඉස්ලාම් ආගම පිළිකාවක්. ලංකාව ලේ විලක් කිරීමේ තර්ජනයක් තිබෙනවා.” 2016 දී ඥානසාර හිමිගේ ප්‍රකාශයට එරෙහි පැමිණිල්ල ගොනු කිරීමට නියෝග

colombotoday

යාපනයේ ලැඟුම්හලක් තුළ පවත්වාගෙන ගිය ස්කාගාරයක් වටයි

colombotoday

යාපනයේ චෙම්මනියේ කැණීම් අතරතුර මිනිස් ඇටසැකිලි හතක් සොයා ගැනේ

Admin

මරණ දණ්ඩනයට නියම වූ පොලිස් නිලධාරීන්

Admin

යාපනයේ තියුණු ආයුධ වලින් පහර දීමක් ආවා කල්ලියදැයි සැක

colombotoday