Colombo Today Local News

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එන අතර, සුළඟේ වේගය පැ.කි.මී 25-35 පමණ වේ.

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 40-50 පමණ දක්වා වැඩි විය හැකිය.

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශ විටින්විට තරමක් රළු විය හැකි බවත් සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළුවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

Related posts

භික්ෂුවට හා කාන්තාවන් දෙදෙනෙකුට නිරුවත් කර පහරදුන් පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගන්න – මහජන ආරක්ෂක ඇමතිගෙන් නියෝගයක්

colombotoday

ඕනෑම කෙනකුට සහල් ආනයනය කිරීමට අවසර

colombotoday

ඩුබායි පොලිසිය, අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා ලවා සිංදු කියවයි…

colombotoday

විපක්ෂ නායකයා කළ වැඩේ පිළිකුල්.. නීති විරෝධීයි.. ඔහු හමුදාවෙන් සමාව ගත යුතුයි

colombotoday

පොහොට්ටුව දිනූ නිසා සංවර්ධනය අඩාල වුණා.. පොහොට්ටුව දිනූ එක සභාවකටවත් මුදල් ප්‍රතිපාදන දෙන්නෙ නෑ

colombotoday

38 වැනි ලෝක කම්කරු දිනය අද

Admin