Colombo Today Local News

බිනර පුර පසලොස්වක පොහොය අදයි

බිනර පුර පසලොස්වක පොහොය දිනය අදට (20)යෙදී තිබේ.

බෞද්ධ ශාසන ඉතිහාසයේ බිනර පොහොයට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි.

බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර වැඩවසන සමයේ මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු 500ක් කුල කාන්තාවන් තෙවන වරටත් පැමිණ පැවිදි වන්නට අවසර ඉල්ලා සිටියේ අද වැනි පුර පසලොස්වක දිනකදී ය.

එහිදී ආනන්ද තෙරුන් වහන්සේගේ මැදිහත්වීම මත බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂුණීන් පිළිපැදිය යුතු ගරු ධර්ම 8 ක් පනවමින් ඊට අවසර ලබා දුන්නේ ය.

මේ අතර සද්ධර්මරත්නාවලිය , පූජාවලිය , සද්ධර්මාලංකාරය , ජාතක පොත් වහන්සේ වැනි සම්භාව්‍ය ගණයට ගැනෙන ධර්ම ග්‍රන්ථ රැසක් බිනර මාසයේ රචනා කර ඇතැයි ශාසන ඉතිහාසයේ සඳහන් ය.

Related posts

උද්දමනය පහලට

Admin

මංගලගේ ලේකම් කුඩුත් එක්ක ඇල්ලූ STF ප්‍රධානියා තනතුරෙන් ඉවතට ?

colombotoday

20 ගෙනාවොත් රටම අරාජික වෙනවා…මේක මහින්ද ජවිපෙට දුන්න ලණුවක්

colombotoday

අපේ සහයෝගයට ඇඟිලි ගහන්න එපා – චීනය අමෙරිකාවට කියයි

Admin

වික්ටර්ගේ බිරිද පොලිසියෙන් අත්අඩංගුවට ගනී !

colombotoday

නව ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව පත්කෙරේ..

colombotoday