Colombo Today Local NewsUncategorized

ගුවන්තොටුපළට ලැබුණු ඊමේල් ඔත්තුව විමර්ශයට

කටුනායක ගුවන්තොටුපළට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීමට නියමිතව ඇති බවට එම ගුවන්තොටුපළ වෙත ලැබුණු ඊමේල් පණිවිඩයක් පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම ඊමේල් පණිවිඩය බංගලිදේශයේ විශ‍්‍රාමික හමුදා නිලධාරියකුගේ ඊමේල් ලිපිනයක් ඔස්සේ ලැබී ඇති බව මෙතෙක් කළ විමර්ශනවලින් හෙළිවී තිබේ. විමර්ශන කණ්ඩායම් පවසන්නේ මෙම විශ‍්‍රාමික හමුදා නිලධාරියාගේ ඊමේල් ලිපිනය හැක් කර කිසියම් සංවිධානාත්මක කණ්ඩායමක් හෝ පුද්ගලයකු විසින් මෙම ඊමේල් පණිවිඩය කටුනායක ගුවන්තොටුපළ වෙත එවන්නට ඇති බවයි.

මීට දින තුනකට උඩදී මෙම ඊමේල් පණිවිඩය ලැබී ඇති අතර එම පණිවිඩය ලැබීමෙන් පසු කටුනායක ගුවන්තොටුපළේ මෙන්ම මත්තල ගුවන්තොටුපළේද ආරක්ෂිත ක‍්‍රියාමාර්ග වැඩි කිරීමට කටයුතු කර තිබිණි.

Related posts

වෛද්‍ය සභා නිලවරණයේදී වෛද්‍යවරු ගැටෙති.. ගුටි ඇණගෙන කලිසම් ඉරාගනී

colombotoday

අඟුලාන උණුසුම් වෙයි.. ධීවර ඝාතන පරීක්ෂණ CIDයට

colombotoday

නෙළුම් කුළුනෙන් පැන්නේ අල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් පැන්න දෙන්නගේ හොඳම මිතුරියක්

Admin

විමල්ට එරෙහිව අල්ලස් කොමිසමේ නඩු.. කෝටි හතරක් අයථා ලෙස උපයා ඇතැයි චෝදනා

colombotoday

බැසිල් එජාපයේ ප්‍රබලයන් තිදෙනෙකු සමග රහස් සාකච්ඡා !

colombotoday

ජාතික ජනතා ව්‍යාපාරයේ අපේක්ෂකයා අද කරළියට !

colombotoday