Colombo Today Local News

කොවිඩ් දේහයක් ආදාහනාගාරට රැගෙන ගිය රථය පෙරළෙයි

මුලතිව් සිට ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ආදාහනාගාරයක් වෙත කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයෙකුගේ දේහයක් රැගෙන ගිය කුඩා ලොරි රථයක් ඊයේ (15) සවස අනතුරකට ලක්වී තිබුණි.

ඒ මුලතිව් කෝකිලායි ප්‍රදේශයේදී එම රථය පෙරළීයෑමෙනි.

අනතුරින් ලොරි රථයේ ගමන්ගත් රියදුරු තුවාල ලබා මුලතිව් රෝහලට ඇතුළත් කෙරුණි.

ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලිස් නිලධාරීන් අනතුර සිදුවූ ස්ථානය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම යටතේ යථාතත්ත්වයට පත්කර වෙනත් රියදුරෙකු සමග දේහය ආදාහනය සඳහා යොමු කර තිබුණි.

මුලතිව් ප්‍රදේශවාසීන් පවසන්නේ මුලතිව් හා කිලිනොච්චි දිස්ත්‍රික්ක වෙත විදුලිබලයෙන් ක්‍රියා කරන ආදාහනාගාර නොමැති බැවින් කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයින්ගේ දේහ වව්නියාව, යාපනය හෝ ත්‍රිකුණාමලය දක්වා රැගෙන යෑමට සිදුවී ඇති බවය.

Related posts

ලංකාවේ ඊ – පළාත් පාලන පද්ධතිය ඇරඹේ

colombotoday

සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා කරමින් ජනපතිගෙන් නිවේදනයක්

Admin

මැග්නිෆිකා නෞකාවේ සිටි ලාංකිකයා බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයට

colombotoday

පාස්කු සිද්ධියට පිල්ලෙයාන් සී.අයි.ඩීයට

Admin

කැබිනට් වෙනසක්.. පාර්ලිමේන්තුවේ 225න් ඕන කෙනෙක් එන්න.. ජනපති ස්ථාවර ආණ්ඩුවක් හදන්න යයි..

colombotoday

යුද හමුදා මේජර් ජෙනරාල්වරයා අත්අඩංගුවට

colombotoday