දෙස් විදෙස් සතුරු බලවේග වලින් රටත් ජාතියත් ශාසනයත් රැකගැනීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නය ප්රමුඛ පැවිදි හඩ සංවිධානය, ජාතික සංවිධාන එකමුතුව ඇතුළු ජාතික බලවේග රැසක් අද පිටකොටුවේදී සත්‍යක්‍රියාවක නිරත විය.
ව්‍යවස්ථාවෙන් බුදු දහමට හිමි තැන ආරක්ෂා කිරීම, දහස් ගණනක් ජීවිත පරිත්‍යාගයෙන් දිනා ගත් මව්බිමේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම, නව ව්‍යවස්ථා සංශෝධනයෙන් රටේ ඒකීයභාවයට හානි නොකිරීම, යුධ ජයග්‍රහණය උර දුන් දැනට සිරගත කර සිටින බුද්ධි අංශ නිලධාරීන් නිදහස් කිරීම. යන ප්රමුඛ ඉල්ලීම් ඇතුළුව රටේ ජාතික ආරක්ෂාවට, ශාසනික පැවැත්මට ඉවහල් වූ කාරණා පිළිබදව අවධාරණය කරමින් භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස මෙම සත්‍යක්‍රියාවේ නිරත විය.