Colombo Today Local News

සන්ෂයින් සුද්දා ඝාතනයට අනියම් බිරිඳගේ සැමියා අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන අමිල ප්‍රසංග හෙට්ටිහේවා හෙවත් සන්ෂයින් සුද්දා නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ අනියම් බිරිඳගේ සැමියා ඊට ආධාර අනුබල දිම හා කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙ අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු මිරිස්ස හේන්වල පදිංචි 34 හැවිරිදි හෝටල් හිමිකරුවෙකු වන සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

සන්ෂයින් සුද්දා ඉකුත් 3 වැනිදා මිරිස්ස හේන්වල පිහිටි අනියම් බිරිඳගේ නිවසට පැමිණ යමින් සිටියදි කොටවිල පොලිස් වසමේ වරකපිටිය ප්‍රදේශයේදි වෙඩි තබා ඝාතනය කෙරිණ.

සන්ෂයින් සුද්දා ඝාතනය කිරීම සඳහා ඝාතකයින් පැමිණි බව කියන වාහනය හා එහි හිමිකරු මීට පෙර අත්අඩංගුවට ගැනිණ.

එලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ, වැල්ලම්පිටියේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි.

වෙඩික්කරුවන් පැමිණි බවට CCTV දර්ශන මගින් හඳුනා ගත් වෑන් රථය පසුදින බණ්ඩත්තර වේල්ල අසල දමාගොස් තිබියදී තිහගොඩ පොලිස් නිලධාරින් විසින් සොයාගනු ලැබිණ.

Related posts

වකුගඩු රෝග නිවාරණය කෘෂි සමාගම් අතට.. වසවිස විරෝධීන් උද්ඝෝෂණයේ

colombotoday

ජනපතිගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්

Admin

අලුත් ගොඩනැගිල්ලක් හදන්න චන්ද්‍රිකාටත් ලක්ෂ 170ක්.. පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට

colombotoday

රජයේ වෙබ් අඩවි 4 කට සයිබර් ප්‍රහාරයක්

colombotoday

මධූෂ් සමග සබදතා පැවැත්වූ මැති ඇමතීන් 20ක් ගැන හෙළිවෙයි…

colombotoday

කොරෝනා ආසාදිතයන් 4ක් අනුරාධපුරයෙන්. මුළු සංඛ්‍යාව 76 දක්වා ඉහළ⁣ට

colombotoday