Colombo Today Local News

මියගිය සුනිල් පෙරේරාගේ බිරිඳට යළි කොවිඩ්

පසුගිය දා අභාවප්‍රාප්ත වූ ‘ජිප්සීස්’ සංගීත කණ්ඩායමේ නායක සහ ජනප්‍රිය ගායක සුනිල් පෙරේරා මහතාගේ බිරිඳ ඇතුළු පවුලේ 6දෙනෙකුගේ පෙරේදා (08) වැනිදා සිදුකල PCR පරීක්ෂණයේදී සුනිල් පෙරේරා මහතාගේ බිරිඳට තවදුරටත් කොවිඩ් වෛරසය ඇති බව තහවුරු වී ඇතැයි රත්මලාන වෛද්‍ය නිලධාරී කාර්යාලය (MOH) පවසයි.

ඒ අනුව සුනිල් පෙරේරා මහතාගේ බිරිඳගේ සෙම් පටල සාම්පල ප්‍රතිදේහ පරීක්ෂණක් සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යා සහ අණුක විද්‍යා ඒකකය යොමු කිරීමට පියවර ගෙන තිබේ.

අභාවප්‍රාප්ත වූ සුනිල් පෙරේරා මහතා සහ ඔහුගේ බිරිඳ කොවිඩ් ආසාදනය වීමෙන් සුව වීමෙන් අනතුරුව යලි නිවසට පැමිණිමෙන් පසුව යළි කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති අතර එම වෛරසය යළි ශරීරය තුළ වර්ධනය වුයේ කෙසේද යන්න පිළිබඳව මෙම පරීක්ෂණයේ අරමුණ වී තිබේ.

එහෙත් පවුලේ අනෙක් 5දෙනාට කොවිඩ් නොමැති බව තහවුරු වී ඇති බව රත්මලාන වෛද්‍ය නිලධාරී කාර්යාලය (MOH) වැඩිදුරටත් සඳහන් කරයි.

සුනිල් පෙරේරා මහතා මිය ගියේ කොවිඩ් නිව්මෝනියා රෝගී තත්වයෙන් උත්සන්න වීම නිසා කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයට ප්‍රතිකාර ලබමින් සිටියදීය.

(ඉන්දික ශ්‍රී අරවින්ද)

Related posts

ඉසුරුපාය තාවකාලිකව වැසෙයි

colombotoday

ඇඳිරිනීතිය බල්ලට දා රේස් පදිමින් පොලිසියට වෙට්ටු දැමූ පිරිසක් අල්ලයි

colombotoday

භාණ්ඩ ගණනාවක් ආනයනයට ඩොලර් නිකුත් කිරීම් අත්හිටුවයි.. තහනම් භාණ්ඩු ලයිස්තුව මෙන්න

colombotoday

පුත්තලමෙ තබ්ලික් ජමාත් ආසාධිතයා තොරතුරු නොදෙයි. ඇසුරු කළ පිරිස් පලා යයි. ආරක්ෂක අංශ, සෞඛ්‍ය අංශ එක්ව මෙහෙයුමක්

colombotoday

දරුවන් සසුනට පූජා කළ පවුල්වලට අවශ්‍යතා මත රැකියාවක්

colombotoday

ඉන්දීය අගමැති මෝඩි ශ්‍රී ලංකා අගමැති මහින්දට සුභපතයි

colombotoday