Colombo Today Local News

කිරි ගවයින් 4200ක් ආනයනය කිරීමට පෞද්ගලික සමාගම් පහකට අවසර

මෙරට දියර කිරි නිෂ්පාදනය ඉහළ දැමීම සඳහා කිරි ගවයින් 4200ක් ආනයනය කිරීමට පෞද්ගලික සමාගම් පහකට අවසර ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

එම සමාගම් සඳහා කිරි ගව පට්ටි පවත්වාගෙන යෑමට ජනතා වතු සංවර්ධන මණ්ඩලයට සහ පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් මුඩු බිම් අක්කර 2771ක් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබුණ බවද කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය.

මෙම ව්‍යාපෘතිය සඳහා රජයෙන් කිසිදු මුදලක් ආයෝජනය නොකරන බවද අදාල සමාගම් ව්‍යාපෘතියට රුපියල් මිලියන 8275ක් ආයෝජනය කරන බවද අමාත්‍යවරයා සදාහන් කළේය.

Related posts

ලෝක වෙළද පොලේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් පහතට. – ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල අඩු කරන්නැයි ඉල්ලීමක්.

colombotoday

ජල බිල්පත් ගෙවීම 15% කින් පහළට

Admin

ලංකාවට එන විදේශිකයන්ට ඔන්ලයින් වීසා දෙන්න බලයලත් නියෝජිතයෙක්

Admin

බස් රථවල ඝෝෂාකාරී සංගීතයට තිත

colombotoday

අල්ලස් ලබාගෙන කොටු වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවකයා

Admin

වැඩි කළ ජල ගාස්තු මෙන්න

Admin