Colombo Today Local News

අපේ රටේ කිසිදු ආහාර හිගයක් නෑ. මෙතන තියෙන්නේ ආහාර මාෆියාවක්.

අද රටේ තියෙන්නේ ආහාර හිඟයක් නොව ආහාර මාෆියාවක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවැසීය.

රටේ සහල්, එළවළු හෝ වෙන කිසිදු අත්‍යවශ්‍ය භාණ්ඩයක හිඟයක් නැතැයිද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවැසුවේ හදිසි නීති රෙගුලාසි පිළිබඳ විවාදයේදීය.

ජනාධිපතිවරයා මෙම හදිසි නීති රෙගුලාසි ගෙන ආවේ එම ආහාර මාෆියාව පාලනය කරගැනීම සඳහා බවත් මේ රටේ ජනතාවට අවශ්‍ය ආහාර ටික ලබාදීමට ජනාධිපතිවරයාට වගකීමක් තිබෙන බවත් අලුත්ගමගේ මහතා කීවේය.

සහල් මෙට්‍රික් ටොන් තුනයි දශම දෙකක් රජය සතුව තිබෙන බව පැවසූ කෘෂිකර්ම ඇමැතිවරයා සහල් සම්බන්ධයෙන් මේ රටේ කිසිදු පුද්ගලයකු කිසිදු බියක් ඇති කර ගත යුතු නැතැයිද ප්‍රකාශ කළේ‍ය.

මේ රටේ වී හිඟයක්ද නැති හෙයින් ජනතාවට කෑම සැපයීමේ කිසිදු අර්බුදයක් නැතැයිද ඔහු පැවැසුවේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා හදිසි නීතිය උපයෝගී කරගෙන ජනතාව පීඩාවට පත් කරන බවට විපක්ෂය අද චෝදනා කරන බවත් විපක්ෂය දරුණු කොවිඩ් වසංගතයක් තිබෙන අවස්ථාවක උද්ඝෝෂණ අටසිය හතළිස් හතක් පවත්වා මිනිසුන් එක්ලක්ෂ හය දහසක් පාරට ගෙනාවත් ගෝඨාභය ජනාධිපති වරයා ඒ අයට එක බැටන් පොලු පහරක් දීමට හෝ නියෝගයක් නිකුත් නොකළ බවද සඳහන් කළේය.

මිනිසුන් බලහත්කාරයෙන් රැගෙන ගොස් හිරේට නොදැමූ බව පැවැසූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා ජනාධිපතිවරයාට හදසි නිතිය පාවිච්චිකර උද්ඝෝෂණ නැවැත්වීමට හැකියාව තිබුණත් ඔහු එවැන්නක් නොකළ බවද පැවසුවේය.

Related posts

සමාජ මාධ්‍ය ක්‍රියාකාරි ඩිලාන් සේනානායකට පිහිපහරක්

Admin

“කොටින් වෙනුවෙන් පෙනී සිටිමින් රට බෙදන්න කතා කරන බෙදුම්වාදීන්ට නීතිය ක්‍රියාත්මක කරන්න” – බොදු බලෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

colombotoday

මැතිවරණ කොමිසමට අලුත් මුහුණක්

Admin

අලුගෝසු තනතුරට යළි අයදුම්පත් කැදවයි… අවම සුදුසුකම් මෙන්න…

colombotoday

කැකිරාවේ කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී මරා දාලා

Admin

තියුණු ආයුධයක් අරන් හිටපු ජනපතිගේ නිවසට ඇතුළුවෙන්න ගිය තැනැත්තා කියන කතාව !

colombotoday