මෙරට කණ්ඩායම් සංගීත ක්ෂේත්රයේ පෙරළියක් ඇති කළ සංගීතඥයෙකු ලෙස සැලකෙන සුනිල් පෙරේරා මහතාගේ අභාවය සම්බන්ධයෙන් ජනාධිපති සහ අගමැති සිය ෆේස්බුක් ගිණුම් ඔස්සේ සංවේගයන් පළ කර ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ,
”කණ්ඩායම් සංගීතයේ නව පෙරළියක් ඇති කරමින්, අදටත් එක සේ ජනප්රිය ගීත රැුසක් ශ්රී ලාංකේය සංගීත ක්ෂේත්රයට දායාද කළ
ප්රවීණ ගායන ශිල්පී සුනිල් පෙරේරා මහතාගේ අභාවය පිළිබඳව සිය සාතිශය සංවේගය ප්රකාශ කරන බවය.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ෆෙස්බුක් පිටුව ඔස්සේ සටහනක් තබමින් පවසන්නේ
”මෙරට ප්රාසාංගික වේදිකාවට සුනිල් පෙරේරා නොමැති අඩුව තදින්ම දැනෙනු ඇති අතර සිය සංගීත නිර්මාණ ඔස්සේ හැමදාමත් ඔහු අප අතර ජීවමාන වනු ඇති බවය.