Colombo Today Local News

පහන්තුඩාවේ සිද්ධියට සම්බන්ධ නොවන යුවලකගේ ඡායාරූප පළ වීම ගැන විමර්ශනයක් පවත්වන්නැයි ඇමති සරත් වීරසේකර නියෝග කරයි.

පහන්තුඩාවේ ඇතිවූ සිද්ධිය සම්බන්ධව සමාජ ජාලා ඔස්සේ සංචරණය වන ඡායාරූපයෙහි අදාළ සිද්ධියට සම්බන්ධ නොවන තරුණ යුවලකගේ ඡායාරූප පළ වන බව අදාල අය විසින් ප්‍රකාශ කර ඇත.

සමාජ මාධ්‍ය ඔස්සේ මෙවන් වූ සිද්ධීන් බොහොමයක් වාර්තා වී ඇති අතර මෙම සිද්ධිය හරහා අදාල යුවළ අගතියකට පත්වී ඇත්නම් එසේ පත් කිරීමට කටයුතු කළ අය සොයා වහාම විමර්ශනයක් සිදු කරන ලෙස මහජන ආරක්ෂක ඇමති රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා විසින් අපරාධ පරීක්ෂණ කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබේ.

Related posts

රනිල්ගේ ප්‍රධාන උපදේශක පාස්කරලිංගම්, රු මිලියන 125ක් කොටින්ට දුන් හැටි හෙළිවෙයි…

colombotoday

සියලු සරසවි සැප්තැම්බර් විවෘත කෙරේ..

colombotoday

දේශපාලනයෙන් ඉවත් වන්නැයි රටවල් දෙකකින් මහින්දට බලපෑම්

colombotoday

අන්තවාදීන් රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණයට රිංගා ඇතැයි නාහිමිවරු 12 නමක් ජනාධිපතිට කියති.

colombotoday

සීතා ඇතින්නට වෙඩි තබා ඇත්තේ ජීව උණ්ඩ වලින් – ස්කෑන් පරීක්ෂාවෙන් හෙළිවෙයි

Admin

ඥානසාර හිමිගේ නම ඇතුලත් කුරුණෑගල නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වේ.

colombotoday