Colombo Today Local News

බන්ධනාගාරගතව සිටින රිෂාඩ් බදුර්දීන්ට ජංගම දුරකථනය දුන් ජේලර් මාට්ටු.

පාස්කු දින ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයට ආධාර අනුබල දීමේ චෝදනා මත අධිකරණය විසින් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇති දැනට කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන්ට ජංගම දුරකථනය ලබාදීම සඳහා කටයුතු කල බව කියන ජේලර්වරයෙකු හඳුනාගැනීමට බුද්ධි අංශ සමත් වී තිබෙනවා.

රිෂාඩ් බදුයුදීන් බන්ධනාගාරය තුල දී දුරකතනයකින් කතා කරමින් සිටියදී වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයාට පසුගිය දා හසුවිය.

ඒ අනුව මේ වන විට එම සිදුවීම සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කර ඇති අතර විනය පරීක්ෂණයට යටත්ව වහාම ක්‍රියාත්මකවන පරිදි අදාල ජේලර්වරයා මැගසින් බන්ධනාගාරයේ සිට වව්නියාව බන්ධනාගාරය වෙත ස්ථාන මාරු කිරීමට බන්ධනාගාර මූලස්ථානය පියවර ගෙන ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කර සිටියි.

Related posts

තව්හිද් ජමාත් ත‍්‍රස්තයෝ 1000 ක් ශ‍්‍රී ලංකාවේ : රට පුරා කඳවුරු 17 ක පුහුණුව ලබලා

colombotoday

ආණ්ඩුවේ අමතර වියදම් පියවන්න රු.බිලියන 100ක් ඉල්ලයි

colombotoday

උප පොලිස් පරික්ෂකට වැව් රක්ෂිතයේ අක්කර 12ක් බිලි

colombotoday

පොඩි ලැසී ගේ මව අත්අඩංගුවට

colombotoday

ජනපති රනිල් යළි දිවයිනට

Admin

“බබා ෂැංග්‍රීලා එකේ, බේබද්දා කාණුවේ, අපි බලයේ“ – ජනබල විරෝධය ගැන අගමැති කියයි

colombotoday