Colombo Today Local News

දඹුල්ල නගර සභාවෙන් බලු බද්දක් – සියලු බදු මුදල් වැඩි කිරීමට යෝජනාවක්

එළඹෙන 2022 වසරේ සිට දඹුල්ල මහ නගර සභා සීමාවේ ග්‍රාම සේවා වසම් 13 තුළ ජීවත්වෙන සියලුම නිවෙස් වල ඇති කරනු ලබන සුරතල් බල්ලන් සහ බැල්ලියන් සඳහා බදු මුදලක් අය කර එය ජනවාරි 31 දා සිට අනිවාර්යෙන් ගෙවිය යුතු බවට යෝජනාවක් ගෙන එන බව වාර්තා වෙනවා.

දඹුල්ල මහනගර සභාවේ මහා සභා රැස්වීම පැවැත්වෙන අද දිනයේ දී එම යෝජනාවක් සිදු කිරීමට අදහස් කරන බව දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත මහතා විසින් නාගරික මන්ත්‍රීවරුන් වෙත පත්‍රිකාවක් මගින් දන්වා ඇත.

නගර සභාවේ නගරාධිපතිවරයා වශයෙන් ඔහු වෙත ඇති බලතල යටතේ නාගරික බදු ගෙවන්නන් හට අසීමිත බදු මුදල් වැඩි කිරීමක් ද මේ යටතේ සිදු කිරීමට නියමිතව ඇත. වාර්තා වන අන්දමට බදු මුදල් 50% සිට 100% දක්වා වැඩිවීමක් ද සිදු වීමට නියමිතව ඇත. සියලුම ව්‍යාපාරිකයන් සඳහා අයිතමයන් 150 ක් යටතේ බදු මුදල් වැඩි කිරීම අද දවසේ දී දඹුල්ල මහ නගර සභාවට ඉදිරිපත් කිරීමට යෝජිත බදු සංශෝධන යෝජනා සඳහා ඇතුළත් වී ඇත.

මීට ඉහතදී බ්‍රිතාන්‍ය පාලන සමයේදී නිවසේ ඇති කරන සුරතල් බල්ලට බදු ගැසූ ආකාරයට දඹුල්ල මහනගර සභාවේ බදු ආඥා පනත යටතේ නගර සීමාව තුළ ඇති කරන සියලු බල්ලන්ට බදු ගැසීම සඳහා යෝජනා කර ඇත.

කෙසේ වෙතත්, දඹුල්ල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් ට එතරම් වැටහීමක් නොමැති බව ඔවුන් සමඟ සාකච්ඡා කිරීමේ දී දැනගන්නට ලැබිණි. බලු බද්ද ලංකාවේ බදු ක්‍රමය තුළ අලුත් කතාබහක් ඇති කරනු ඇති බව විශ්වාස කරන බව නාගරික මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අප සමග පැවසීය.

මහින්ද උදයසිරි රත්නායක

Related posts

මධූෂ්ගේ සාදයේදී පැනගිය අංගොඩ ලොක්කා අත්අඩංගුවට

colombotoday

ඉදිරියේදී සමගි ජන බලවේගය සමග එක්ව වැඩ කරන්න සුදානම් – එජාප නියෝජ්‍ය නායක රුවන් කියයි

colombotoday

නව අගමැති ලේකම් සමන් ඒකනායක

colombotoday

“දැන් ඊළාම් රාජ්‍යයේ ඔප්පුව ලියල ඉවරයි.. මේ හදන්නේ ඔප්පුවට අනුව මායිම් කණු දාන්නයි” ඇල්ලේ ගුණවංශ හිමි

colombotoday

කුරුඳු දුම්වැටිය පනත අමු අමුවේ උල්ලංඝනය කිරීමක්.. දුම්වැටිය නිෂ්පාදනය පිටුපස දුම්කොළ කර්මාන්තයත් සිටි – වෛද්‍ය සමාධි රාජපක්ෂ කියයි

colombotoday

වසරේ මේ දක්වා කාලය තුළ වන අලි 400ක් මිය ගිහින්

Admin