Colombo Today Local News

කෘෂිකර්ම අමාත්‍යාංශයේ තීරණය වෙනස් වෙයි – පළිබෝධනාශක ගෙන්වන්න අවසර

පළිබෝධනාශක යළි ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත. වී වගාවේ දුඹුරු පැළ කීඩෑ හානිය, බඩඉරිඟු වගාවේ සේනා දළඹු හානිය, අර්තාපල් වගාවේ දිලීර වැනි එක් එක් වගාවන්ට ආසාදනය වන විශේෂිත වසංගත රෝගවලට අවශ්‍ය පළිබෝධනාශක ආනයනය කිරීමට නියමිතය.

මෙම පළිබෝධනාශක භාවිත නොකිරීම මගින් ජාතික නිෂ්පාදනයට බලපෑම් එල්ල විය හැකි බැවින් පළිබෝධනාශක ආනයනය කිරීමට සැලසුම් කර ඇත.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ ඇති කෘෂිරසායන අංශය මගින් හෝ පළිබෝධනාශක නිෂ්පාදනය කරන මවු සමාගම්වල දැනටමත් ලියාපදිංචි වී ඇති දේශීය නියෝජිත සමාගම් මගින් පළිබෝධනාශක ආනයනය කිරීමට නියමිතය.

වගා කන්නයකට අවශ්‍යතාවයෙන් 10%ක් පමණ ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය යෝජනා කර ඇත. ආනයනය කරන පළිබෝධනාශක කෘෂිකර්ම දෙපාර්තමේන්තු අධීක්ෂණය යටතේ ඛනිජ තෙල් නීතිගත සංස්ථා ගබඩාවල ගබඩා කර තැබීමට නියමිතය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නම් කරන පාර්ශ්ව වෙත පමණක් නිදහස් කිරීමටද සැලසුම් කර ඇත.

තවද පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාගේ අනුමැතිය යටතේ දේශීය සමාගම් ආනයනය කරන පළිබෝධනාශක විවෘත වෙළෙඳපොළේ විකිණීම සඳහා නිකුත් කිරීමටද නියමිතය. පරිසර හිතකාමී වගාවන් සඳහා භාවිත කළ හැකි පළිබෝධනාශක මෙලෙස අලෙවි කළ යුතු වෙයි.

Related posts

ලංකාපුර කොරෝනා ආසදිතයා නිරෝධායනයට ලක් නොවූ අයෙක්.. ස්ථාන රැසකට ගමන් කරලා

colombotoday

පළමු ශ්‍රී ලාංකික කොරෝනා රෝගියා මෙරටින් හමුවීමත් සමග රජයෙන් විශේෂ නිවේදනයක් !

colombotoday

පයින් ගහල එලවන්න කලින් ඉවත්විය යුතුයි.. එජාපයටත් වෙන්නේ පැරණි වමට වෙච්ච දේමයි – චම්පික

colombotoday

කුරුණෑගල ආගමන විගමන කාර්යාලයේ විදුලිය කපයි

Admin

“ඥානසාර හිමි නිදහස් කරනු” කැලණියේ පැවති පාගමන සහ සත්‍යක්‍රියාව : Photos

colombotoday

ශ්‍රී ලංකාවට සේලයින් නිෂ්පාදන කර්මාන්තශාලාවක්

colombotoday