Colombo Today Local News

මෙරට ක්‍රීඩා ඉතිහාසය අලුත් කළ දිනේෂ් ප්‍රියන්තට උසස්වීමක්

ටෝකියෝ පැරාලිම්පික් උළෙලේදී නව ලෝක වාර්තාවක් පිහිටුවමින් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්තට යුද හමුදාවෙන් උසස්වීමක් ලබාදී තිබේ.

ජනාධිපතිවරයාගේ සහ ආරක්ෂක ලේකම්වරයාගේ අනුමැතිය ඇතිව යුද හමුදාපතිවරයා විසින් එම උසස්වීම පිරිනමා ඇත.

ඒ අනුව දිනේෂ් ප්‍රියන්තව සාජන්ට් නිලයේ සිට බලලත් නිලධාරී 01 දක්වා උසස් කර තිබේ.

දිනේෂ් මෙරට ක්‍රීඩා ඉතිහාසය ද අලුත් කළේ පැරාලිම්පික් උළෙලකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් හිමිකරගත් පළමු ශ්‍රී ලාංකිකයා බවට ද පත්වෙමිනි.

2004 වර්ෂයේ මාර්තු 18 වන දින සාමාන්‍ය සෙබළකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ගජබා රෙජිමේන්තුවට එක් වූ සැරයන් දිනේෂ් ප්‍රියන්ත හේරත් 2008 දෙසැම්බර් මස 16වන දින කිලිනොච්චි ප්‍රදේශයේ දී රුදුරු එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගේ දරුණු ප්‍රහාරයකට ලක්වී ආබාධයකට ලක්විය.

ත්‍රස්තවාදී ප්‍රහාරවලට ලක්වීමෙන් අනතුරුව ඔහු යුද්ධ හමුදා පැරා මලල ක්‍රීඩා ක්ෂේත්‍රයට අවතීර්ණ විය.

Related posts

රන්ජන්ට නිදහස ඉල්ලා ඒක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක්

colombotoday

අලුත් පක්‌ෂයට ආණ්‌ඩුවෙන් මැති ඇමැතිවරු පිරිසක්‌!

colombotoday

මර්වින් වෙනුවෙන් කප්පම් ඉල්ලලා.. ව්‍යාපාරිකයා පොලිසි යයි.. පුත් මාලක සොයා පොලිස් මෙහෙයුමක්

colombotoday

වසර 60 ක තීරණයේ වෙනසක් : රජයේ ආයතනවල මහජන දිනය සදුදා දිනයට ගෙන එයි

colombotoday

රාමඤ්ඤ නිකායේ උප සභාපති මමයි-විජිත හේරත් කියයි

Admin

කොවිඩ් මෘතදේහ වලලන්න තවත් සුසාන භූමි තුනක්

colombotoday