Colombo Today Local News

හදිසි අවශ්‍යතාව මත බන්ධනාගාර නියාමකයන් බඳවා ගැනීමට තීරණයක්

හදිසි අවශ්‍යතාව මත බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා අලුතින් 788 දෙනෙකු නියාමකයන් ලෙස බඳවා ගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ලබන 6 වැනිදා සේවයට ගන්නා මෙම නිලධාරීන් මූලික පුහුණුවකින් තොරව බන්ධනාගාර වෙත අනුයුක්ත කර රාජකාරි කරන අතරේ සතිදෙකක මූලික පුහුණුව ලබාදීමට තීරණය කර තිබේ.

බන්ධනාගාර නිලධාරීන් රැසකට කොවිඩ් වැලඳීමෙන් නිලධාරීන් හිඟය උග්‍රවීම නිසා මෙම හදිසි බඳවා ගැනීම කිරීමට තීරණය කර ඇත.

2019 නියාමකවරුන් බඳවා ගැනීමේ විවෘත තරග විභාගයේ ප්‍රතිඵල අනුව විභාග දෙපාර්තමේන්තු දුන් නම් ලැයිස්තුවෙන් මෙම පිරිස බඳවා ගන්නා බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පැවැසීය. මෙයින් තුන්සිය දෙනෙකු ජෛව බුබුළක් ලෙස ආයතනවලට යොමුකර තාවකාලික පුහුණුවක් රාජකාරි අතරේ දෙන බවත්, දැනට ජේලර්වරුන්ගේ පුහුණු පාඨමාලාවක් පැවැත්වෙන නිසා නියාමකවරුන් පුහුණු කරවීමට නොහැකි වීම හේතුවෙන් මෙම හදිසි තීරණය ගත් බවත් හෙතෙම පැවැසීය.

Related posts

කළුබෝවිලත් වෙඩි තැබීමක්

Admin

අපි කාගෙවත් පැත්තක් ගන්නේ නෑ… මහින්ද අගමැති සේ පිළිගන්නෙත් නෑ…

colombotoday

මංගල අපහාස කලේ කාදිනල්ට නොව සමස්ථ කතෝලික ප්‍රජාවටයි…

colombotoday

සැඟව සිටි නම ගිය අපරාධකරුවක් බෝම්බයකුත් සමග පොලිස් දැලේ

colombotoday

රනිල් මෛත්‍රී එකතු වෙලා දිවුරති

colombotoday

ජනපති මොරගහකන්ද හතර පාරක් විවෘත කරලා.. වහාම විගණන විමර්ශනයක් ඉල්ලයි…

colombotoday