Covid 19

කොතලාවල පනතට උද්ඝෝෂණයයේ ගිය සිසු නායකයින්ට කොවිඩ්

කොතලාවල විශ්ව විද්‍යාල පනතට විරුද්ධව උද්ඝෝෂණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසු නායකයින් තිදෙනෙක්ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප යන අයට මෙලෙස වෛරස ආසාදනය වී තිබේ.

බදුල්ල තල්දෙන රැදවුම් මධ්‍යස්ථානයේ දී සිදු කළ පිසිආර් පරීක්ෂණයෙන් මොවුන් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

Related posts

තවත් කොවිඩ් මරණ 18ක්

colombotoday

මෙරට කොරෝනා රෝගීන් ගණන 567 ක් දක්වා ඉහළට

colombotoday

පිළියන්දල නාගරික මන්ත්‍රීවරයෙකු ඇතුලූ 32කට කොරෝනා

colombotoday

මට්ටක්කුලියේ දේවස්ථානයක පියතුමන්ලා 9කට කොවිඩ්

colombotoday

කොළඹ සමාගමක සිටි ඉන්දියානුවන් 93 දෙනකුගෙන් 53 ක⁣ට කොවිඩ්

colombotoday

කොරෝනා මාරයාට ඉකුත් මාසයේදී පොලිසියේ 5 ක් බිලි

colombotoday