Colombo Today Local News

ෆෙඩරල් ක්‍රමයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට සියල්ල සූදානම් – ද්‍රවිඩ සන්ධානය

tna fedralෆෙඩරල් ක්‍රමයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට දෙමළ ජාතික සන්ධානය පසුගිය මැතිවරණයේ ජනවරමක් ලබාගෙන ඇති බව නැගෙනහිර පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍ය වන තමිලරසු පක්‍ෂයේ මහලේකම් කේ.තුරෙයිරාජසිංහම් පවසයි.

ජනවාර්ගික ගැටළුවට විසදුම ලෙස දෙමළ ජනතාවගේ කැමැත්ත අනුව ද්‍රවිඩ සන්ධානයේ සහයෙන් ඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිත ෆෙඩරල් ක්‍රමයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට මෑතකදී උතුරු පළාත් මහ ඇමති සී.වී විග්නේශ්වරන් විසින් පිහිටුවාගත් දෙමළ ජනතා සංසදයේ ක්‍රියාකලාපය බාධාවක් වනු ඇති බවද ඔහු පවසයි.

මීට දින කිහිපයකට පෙර ද්‍රවිඩ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන් දමිළ වෙබ් අඩවියකට ප්‍රකාශ කර තිබුණේ නව ව්‍යවස්ථා සංශෝධනයට රජය කටයුතු කරමින් සිටින පසුබිමක උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර පුළුල් බලය බෙදීමක් හරහා ස්තීර දේශපාලන විසදුමක් ලබා ගැනීම තම අභිප්‍රාය වන බවයි.

මේ අතර ජනවාරි 09 වැනිදා පාර්ලිමේන්තුවට ගෙන එනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ රටේ ඒකීයභාවය ඇති කිරීම, රටේ ප්‍රධාන ආගම බුද්ධාගම ලෙස නම් කිරීම වැනි වගන්ති නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර නොමැති බවත්, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම හා විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම මූලික අරමුණ බව පෙන්වමින් ආණ්ඩුව රට අනතුරට ලක් කිරීමට උත්සාහ දරන බවත් මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා අනාවරණය කර සිටි.

රටේ ඒකීය රාජ්‍ය ක්‍රමය වෙනස් විය යුතු බව ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කරුවන් දෙදෙනකු වන දෙමළ ජාතික සන්ධානයේ නායක සම්බන්දන් මහතා සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් දැනටමත් අදහස් ප්‍රකාශ කර ඇති බවත්, ඔවුන් ෆෙඩරල් ක්‍රමයට එහා ගිය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කිරීමට ආණ්ඩුව සමඟ සාකච්ඡා කර ඇති බව එක්තරා පුවත්පතකට පවසා ඇති බවත් මන්ත්‍රිවරයා අනාවරණය කළා.

Related posts

සයිටම් හොර උපාධි කඩයක් කිවුවේ උපාධි හොරෙක්

Admin

අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ ගණකාධිකාරී අලගරත්නම් මනෝරන්ජන් ව CIDය අත්අඩංගුවට ගනී

colombotoday

ආණ්ඩුව හාල් වලට බදු ගහලා හාල් මිල ගැන කිඹුල් කඳුලු හෙළනවා

Admin

‘‘මේක නෙවෙයි ජීවිතේ, ජීවිතය දිනන අරගලයට සෙට් වෙමු‘‘ – මොරටුවේ පන්දම් විරෝධයක්

Admin

රිෂාඩ් මුත්‍රා කරන්නේ බෝතලේකට… යාච්ඤා කරන්න වතුර නෑ.. අබමල් රේණුවකවත් සාක්ෂි නෑ.. සමගි ජන බලවේගය රිෂාඩ් බේරාගන්න දගලයි

colombotoday

උද්දමනය පහලට

Admin