Colombo Today Local News

ශ්‍රී ලාංකිකයින් විසිදෙනකු තලේබාන් පාලනය යටතේ සිටින්නට කැමැත්ත පළ කරයි

ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් ඉවත් කර ගැනීමට ශ්‍රී ලංකා රජය සූදානම් වෙද්දී එහි සිටින විසිදෙනකු තලේබාන් පාලනය යටතේ එරටම රැඳී සිටීමට කැමැත්ත පළ කර ඇත.

ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයින් අසූ හයදෙනා අතරින්, හතළිස් හයදෙනකු මේ වන විටත් ඉවත් කර ගෙන ඇති අතර මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටන තවත් විසි දෙනෙකු ඉවත් කර ගැනීම සඳහා කටයුතු සම්පාදනය කරමින් සිටින බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි. ඉතිරි ශ්‍රී ලාංකිකයින් 20 දෙනා ඇෆ්ගනිස්ථානයේම තවදුරටත් රැඳී සිටීමට කැමැත්ත පළ කොට ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මේ අතර ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයින් ඉවත් කර ගැනීමට සහාය ලබාදෙන ලෙස විදේශ අමාත්‍යාංශය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉන්දියාව, පාකිස්තානය යන රටවලින් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ද ඉල්ලීමක් කර තිබේ. විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් අදාළ රටවල තානාපතිවරුන් සමග පැවති සාකච්ඡාවලදී මෙම ඉල්ලීම් කර තිබේ.

Related posts

මං අගමැති වීම ස්ථිරයි.. ජනාධිපති,අගමැති දෙපැත්තක හිටියට ප්‍රශ්නයක් නැ..

colombotoday

සම්පායෝගේ සහෝදරයන්ගෙන් CIDය ප්‍රකාශ ලබා ගනී

colombotoday

අර්බුද සමයේ තෙල් වලින් බිලියන 36ක ගැහිල්ලක්

Admin

කොරෝනා පාලනයෙන් ගිලිහිලා, ලොවපුරා මිලියන ගණනක් මිය යා හැකියි – UN අනතුරුඅගවයි

colombotoday

මිලියන 23ක කේරළ ගංජා තොගයක් මන්නාරමේ කැළෑවක

colombotoday

ඉරාජ් නිකුත් කර ඇත්තේ නිර්ලජ්ජිත වීඩියෝවක්. මේවා කරන්නේ පහත් මානසික තත්ව ඇති පුද්ගලයන් – ඇමති නවීන්

colombotoday