Colombo Today Local News

කිසිදු එන්නතක් ලබා නොගත් 60 වැඩි පුද්ගලයින් නිවසට පැමිණ එන්නත් ලබා දීමට සූදානම් – යුද හමුදාපති

මෙතෙක් කිසිදු එන්නත් මාත්‍රාවක් ලබා නොගත් අවුරුදු 60ට වැඩි පුද්ගලයින් වහාම කොරෝනා මර්දන එන්නත්කරණයට ලක්විය යුතු බව යුද හමුදාපති ජනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, එවැනි පුද්ගලයින් පිළිබඳ දැනුම් දෙන ලෙසය.

නිවසට පැමිණ හෝ ඔවුන්ට එන්නත් ලබාදීමට සූදානම් බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ ය.

අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට කොරෝනා මර්දන එන්නත්කරණයට ලක් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන් බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

යුද හමුදාපතිවරයා පැවසුවේ, කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගෙන් බහුතරය අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් බවය.

මේ අතර කොරෝනා ආසාදිත පුද්ගලයෙකුට යම් රෝග ලක්ෂණ ඇත්නම් වහාම රෝහල්ගත විය යුතු බව ද යුද හමුදාපතිවරයා අවධාරණය කළේය.

1904 දුකරතන අංකය හරහා ලියාපදිංචි වී කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා හෝ නිවෙස් නිරෝධායනයට යොමු වී හැකියාව පවතී.

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති කාල සීමාවේ නිවෙස්වලට වී සිට ඊට සහාය දක්වන්නැයි යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළේ ය.

Related posts

රට අස්ථාවරයි.. කොටස් වෙළදපල කඩා වැටේ.. රුපියල බාල්දුයි.. සුරැකුම්පත් විකුණා ආයෝජකයෝ රටින් පිටවේ..

colombotoday

අවුරුදු හතරක දැරියක් කෘෘරත්වයට පත් කළ පියෙකුට වැඩ වරදී

colombotoday

රාජ්‍ය වියදම් දැඩිව පාලනයට විශේෂ චක්‍රලේඛයක්

colombotoday

මහනුවරින් පෙට්‍රල් බෝම්බ 23ක් සොයාගනී

colombotoday

මිහින්තලා මහා සෑයට නුදුරින් ගව ඝාතකාගාරයක්

colombotoday

හජ්ජි නිසා උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර දෙකක් කල් දැමේ

colombotoday