extremism & terrorism activitiesWorld

තබ්ලිග් මතධාරී තලේබාන් ත්‍රස්තයන් ප්‍රතිමා විනාශ කිරීම යලි අරඹයි.

1990 දශකයේ ඇෆ්ගනිස්ථානයේ සිවිල් යුද්ධයේදී සටන්කාමී කණ්ඩායමට එරෙහිව සටන් කළ ෂියා මුස්ලිම් හමුදා නායකයෙකුගේ ප්‍රතිමාවක් තලේබාන් සංවිධානය විසින් පුපුරුවා හරින ලද බව ඒපී පුවත් සේවය වාර්තා කර සිටියි.

2001 වසරේ දී තලේබාන් පාලනය විසින් කාන්තා හා අනෙකුත් මානව හිමිකම් දැඩි ලෙස උලන්ඝනය කළ අතර එම වසරේදී දී වසර 1500 ක් පැරණි බුද්ධ ප්‍රතිමා විනාශ කිරීම යලි සිහිපත් කරමින් මෙවර අබ්දුල් අලි මසාරිගේ ප්‍රතිමාව විනාශ කර ඇත.

තලෙයිබාන් පාලනය යටතේ හිංසනයට ලක්වූ ෂියා මුස්ලිම්වරුන් වූ ඇෆ්ගනිස්ථානයේ හසාරා ජනවාර්ගික සුළුතරයේ නායකයෙකු වූ මසාරි 1996 දී තලේබාන් සංවිධානය විසින් මරා දමන ලදි.

මෙම පිළිමය පිහිටියේ මධ්‍යම බාමියාන් ප්‍රාන්තයේ වන අතර 2001 දී තලෙයිබාන්වරු විසින් බුද්ධ ප්‍රතිමා විනාශ කලේද මේ ප්‍රදේශයේ ය.

එකල තලේබාන් ත්‍රස්ත සංවිධානය කියා සිටියේ බුදුන් වහන්සේ රූප වන්දනාව ඉස්ලාමයේ නීතිය උල්ලංඝනය කළ බවයි.

කෙසේ වෙතත්, පසුගියදා තලේබාන් සංවිධානය අවධාරණය කර සිටියේ තමන් වෙනස් වී ඇති නමුත් ඉස්ලාමීය නීතියේ සම්මතයන් තුළ තවමත් ඇෆ්ගනිස්ථානය පාලනය කරන බවයි.

බොහෝ ඇෆ්ගන් ජාතිකයින් සැකයෙන් පසුවන අතර, රට හැර යාමේ බලාපොරොත්තුවෙන් දහස් ගණන් ජනයා කාබුල්හි ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණෙමින් සිටිති.

Related posts

Video – මරණයට යන මාවත ලෙස නම්වූ ලොව අනතුරුදායකම පාර

colombotoday

ඉන්දීය අගමැති විශ්වාසභංගය ජය ගනී

Admin

මුස්ලිම් විවාහ නීති සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයට උලමා බලපෑම් කරති.

colombotoday

ලොවම මවිත කරමින් ඇමරිකාවේ නිරුවත නැවතත් එළියට !

colombotoday

ලොව පුරා කොවිඩ් ආසාදිතයන් ගණන එක්කෝටි පනස් ලක්ෂය ඉක්මවයි

colombotoday

සුෆි මුස්ලිම් පල්ලි විවෘත කිරීමට කාන්තන්කුඩි මුස්ලිම් පල්ලි හා ආයතන සම්මේලනය ඉඩ නොදෙයි

colombotoday