Colombo Today Local News

ලිට්‍රෝ ගෑස් මිල වැඩිකිරීමට තීරණයක් ගෙන නෑ

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල වැඩිකිරීමට තීරණයක් ගෙන නොමැති බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

කෙසේවෙතත් ලාෆ් ගැස් මිල ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරිය එම සමාගමට අවසර ලබාදී තිබේ.

ඒ අනුව ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක නව මිල රුපියල් 1,856ක් දක්වාත් කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 743ක් දක්වාත් ඉහළ දැමීමට අවසර ලබාදී ඇත.

නව මිල සංශෝධනයත් සමග ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක් රුපියල් 363කින් මිල වැඩිවී තිබේ.

කිලෝග්‍රෑම් 5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල වැඩිවී ඇත්තේ රුපියල් 145කිනි.

Related posts

ඉන්ධන පිරවුම්හලක ආරව්ලක් යතුරුපැදිකරුවෙකුට මරු කැඳවයි

colombotoday

අද ඩොලරයේ මිල

colombotoday

ගන්දර සමන් STF දැලේ

colombotoday

රනිල් ආසියානු සංවර්ධන බැංකුවට

Admin

අගමැති මුල්ගල් තියා වැඩ ඇරඹූ හොරණ ටයර් කම්හල ජනපති අනින් අත්හිටුවයි

colombotoday

ගෝඨාභයට බය වුනත්, දැන් සජිත්ට මුහුණ දෙන්නම වෙනවා

colombotoday