නෙළුව පොලිස් බල ප්‍රදේශය තුල කොවිඩ් 19 වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යවේ ඉහල යාම හේතුවෙන් අද(09) සිට 11 වනදා දක්වා දින තුනක් නෙළුව නගරයේ සියලුම වෙළඳසල් වසා දැමිමට තිරණය කල බව නෙළුව වෙළඳ සංගමයේ සභාපති ඉහල ගමගේ අජිත් මහතා පවසයි.
03වන දින සිට ඊයේ(08) දිනය දක්වා කාලය තුල නෙළුව පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තාවි ඇති කොඩිඩ් ආසාදිතයිනගේ සංඛ්‍යාව 55කි.
නගරය තුළ ඇති වී තිබෙන තත්ත්වය ගැන සලකා බලා මෙලෙස දින තුනක් සියලුම වෙළෙඳසැල් වසා දැමීමට තීරණය කළ බව නෙළුව වෙළඳ සංගමයේ සභාපතිවරයා පවසයි.