Colombo Today Local News

ත්‍රීරෝද රථ රියදුරන්ට විමසිල්ලෙන් සිටින්නැයි පොලීසියෙන් දැනුම්දීමක්

ත්‍රීරෝද රථ රියදුරන් විසින් රාත්‍රී කාලයේ දී මගීන් රැගෙන යෑමේ දී විමසිලිමත්ව කටයුතු කළ යුතු බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, මගීන් ලෙස ත්‍රීරෝද රථයට ගොඩවෙන පුද්ගලයින් ඇතැම් විට අපරාධකරුවන් විය හැකි බවය.

ඊයේ රාත්‍රීයේ දී අනුරාධපුර ප්‍රදේශයේ ත්‍රීරෝද රථයකට ගොඩ වී ඇති පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම ත්‍රීරෝද රථය මංකොල්ලකා පළා ගොස් ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

යම් ස්ථානයකට රැගෙන යන ලෙස ත්‍රීරෝද රථ රියදුරුට පවසා එම ස්ථානයට යන අතරමඟ දී මෙලෙස ත්‍රීරෝද රථය මංකොල්ලකා තිබේ.

කෙසේවෙතත් විමර්ශන සිදුකළ අනුරාධපුර පොලීසිය විසින් පැහැරගත් එම ත්‍රීරෝද රථය සමඟ එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු 28 හැවිරිදි නිට්ටඹුව, රුක්ගහවිල ප්‍රදේශයේ පදිංචි අයෙක් බවට අනාවරණය වු බවත් අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමට මේ වන විට විමර්ශන සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Related posts

හිටපු කොටි 30 ක් ජර්මනියෙන් ශ්‍රී ලංකාවට පිටුවහල් කරයි.

colombotoday

කපිතාන් අසේල ධර්මසිරි මුදලට විකිනුනු හැටි පාපොච්චාරණය කරයි – රහස් හඩපටය මෙන්න

colombotoday

අද එන්නත් ලබා දෙන ස්ථාන මෙන්න

colombotoday

පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

Admin

ලිට්‍රෝ සමාගමෙන් මට දුන්නේ ධර්ම ප්‍රචාරක පුණ්‍යාධාරයක් – දඹර අමිල හිමියෝ කියති

colombotoday

කොටි සිරකරුවන් වෙනුවෙන් යාපනේ සරසවි සිසුන් මාරාන්තික උපවාසයක් අරඹයි

colombotoday