Colombo Today Local News

පාස්කු ප්‍රහාරය : කොච්චිකඩේ දේවස්ථානයේදී මරාගෙන මැරුණු අලඩීන් මොහොමඩ් මුවත්ගේ පියා සියලු චෝදනාවලින් නිදහස්

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවේදී කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ බෝම්බයක් පුපුරවාගෙන මියගිය අලඩීන් මොහොමඩ් මුවත් නැමති මරාගෙන මැරෙන බෝම්බකරුගේ පියා සියලු චෝදනාවලින් නිදහස් කිරීමට අධිකරණය තීරණය කර තිබේ.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා විසින් අදාළ නියෝගය ලබාදී තිබේ.

වසර එක හමාරක පමණ කාලයක් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේය.

එම සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් නීතියෙන් කටයුතු නොකරන බැවින් ඔහු එම නඩුවෙන් නිදහස් කරන ලෙසට නීතිපතිවරයා ලබාදුන් උපදෙස් අනුව මහෙස්ත්‍රාත්වරයා එම සැකකරු නිදහස් කිරීමට නියෝග කර තිබේ.

එම සැකකරු සම්බන්ධයෙන් ඉදිරි නීති පියවර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට පෙර නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා තිබුණි.

ඒ අනුව නීතිපතිවරයා විසින් සැකකරු සම්බන්ධයෙන් සාක්ෂි ඉදිරිපත් වී නොමැති බැවින් සැකකරුට එරෙහිව තවදුරටත් කටයුතු නොකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී තිබේ.

Related posts

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වේ… පළමු තැන් දිනූ හපන්නු මෙන්න…

colombotoday

ලෝකයේම මහ ජාතිය අපි මුස්ලිම් ජනතාව ගැන තීරණ ගැනීමට මෛති‍්‍රට, රනිල්ට, මහින්දට හෝ වෙන කෙනෙකුට බෑ

colombotoday

අරගලයේ ක්‍රියාකාරිකයෙකු වූ රන්දිමාල් ගමගේ අත්අඩංගුවට

Admin

ආගමන විගමන රාජකාරි සීමා වෙයි

colombotoday

දේශපාලන අර්බුධය ගැන විමර්ශනයට UN නියෝජිතයෙක් දිවයිනට… එංගලන්තෙනුත් එනවාලු…

colombotoday

පුංචි ඡන්දයට දින නියම කිරීම මාර්තු 9 වැනිදාට පෙර

Admin