Colombo Today Local News

අන්තරේ කැඳවුම්කරු සහ ජපුර සභාපති ඇතුළු පහක් අත්අඩංගුවට

කොතලාවල පෞද්ගලික විශ්ව විශ්වවිද්‍යාල පනතට එරෙහිව පාර්ලිමේන්තුව ආසන්නයේ උද්ඝෝෂණයක් පවත්වා මහරගම පොලිස් ස්ථානාධිපතිවරයාට බරපතළ තුවාල සිදු කිරීම, මිනී පෙට්ටියක් පුළුස්සා මාර්ගයට හානි කිරීම, පළාත් අතර සංචරණ සීමා උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ජයවර්ධනපුර සරසවියේ මහා ශිෂ්‍ය සංගමය සභාපති අමිල සංදීප,ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙම දෙදෙනාට අමතරව සෙසු පුද්ගලයින් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ පළාත් අතර සංචරණ සීමා උල්ලංඝනය කරමින් වෑන් රථවලින් කොළඹට පුද්ගලයන් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

ඔවුන් පිරිස් ප්‍රවාහනය කළ වෑන් රථ 3 ද පොලිස් භාරයට බාරයට ගෙන ඇත

අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Related posts

නිමල් ලෙව්කේට සමගි ජනබලවේගයේ වෘත්තිය‌වේදී බුද්ධි මණ්ඩප විශේෂ සාමාජිකත්වය

colombotoday

පුංචි ඡන්දය දැන්ම නොතියයි.. 2017 මුලට යයි

colombotoday

පාරිභෝගිකයන් එළවළු ග්‍රෑම් 25 ත් මිලදී ගනී – වෙළදුන් පඩි නොමැතිව අතමිට මොලවා හිතේ බරට කිරයි

colombotoday

“නීතියට පිටින් වැඩ බෑ” – ඇමතිවරු සහ චන්ඩි ඉදිරියේ කොන්ද නොනැමූ රාජ්‍ය නිලධාරිනිය !

colombotoday

ගෑස් ලබා දීමේදී නාගරික වැසියන්ට වැඩි ප්‍රමුඛතාවක්

colombotoday

සමාජ ජාලාවල ප්‍රචාරය වන ප්‍රකාශ ගැන ජනපතිගෙන් නිවේදනයක් !

colombotoday