Colombo Today Local Newsfeatured

මහරගම පොලිසීය නීතිය නවයි. – අයුතු ලෙස ඇතුළුවූ චුදිතයා නිදැල්ලේ

මහරගම විද්‍යාකර පාරේ පිහිටි කාන්තාවන් පමණක් ජීවත්වන නිවසකට අයුතු ලෙස බලහත්කාරයෙන් ඇතුළු වූ පුද්ගලයෙකුට සහ ඔහුගේ සහචරයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වී නොමැති බව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසනවා.

මෙම අයුතු ඇතුල්වීම පිළිබඳව නිවස හිමි කාන්තාව විසින් අද (5) දහවල් මහරගම පොලීසියට පැමිණිලි කර ඇති අතර පසුව පොලීසිය විසින් බලහත්කාරය පෑ පුද්ගලයා පොලීසියට ගෙන්වා අත්අඩංගුවට නොගෙන ආපසු යවා ඇති බවත් එලෙස යැවීමෙන් පසු අදාළ පුද්ගලයා යලිත් පිරිසක් සමග පැමිණිලිකාර කාන්තාවගේ නිවසට පැමිණ වාහන තුනක් බලහත්කාරයෙන් ඉඩමට ඇතුළු කර නවතා දමා ඇති බවත් විතානගේ මහතා සඳහන් කර සිටිනවා.

අදාළ පුද්ගලයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වීමේ මන්දගාමී ස්වරුපයක් තිබෙන බවත් මෙරට ජීවත්වන සාමාන්‍ය ජනතාවට නිදහසේ ජීවත්වෙමේ අවකාශය අහිමි වීමේ නිදසුනක් ලෙස මෙම සිද්ධිය පෙන්නුම් කරන බවත් ඒ මහතා පැවසීය.

පාරිභෝගිකයන්ට අසාධාරණයක් සිදුවෙන ආකාරයට පොලී කාරයින්ට අවශ්‍ය ආකාරයට නීතිය නැමීම නින්දිත සහගත තත්වයක් බවයි විතානගේ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

මෙම බලහත්කාරකම සිදුකර ඇති පුද්ගලයා රත්නායක නැමති මහරගම ප්‍රදේශයේ පොලියට මුදල් ලබා දෙන පුද්ගලයෙක් වන අතර ඔහු ප්‍රභූ පිරිස් සමග ඉතා මිත්‍රශීලි පුද්ගලයෙක් බව අප සිදුකල සොයා බැලීමකදී අනාවරණය විය.

Related posts

දුමින්ද සිල්වා නිදහස් කරන්න තැබූ අත්සන මනෝ ගනේෂන් ඉල්ලා අස්කර ගනියි – Video

colombotoday

රංජන් නිදහස් කර ගන්න සාකච්ඡා

colombotoday

කන්දකාඩු රැඳවියාගේ මරණයට තිදෙනෙක් අත්අඩංගුවට..

colombotoday

“සිංහල පනතට මම වෛර කරනවා.. ඒ නිසා මම සිංහල ඉගෙන ගත්තෙ නෑ” – විග්නේෂ්වරන්

colombotoday

අයියාගේ පොල්ලු පහරින් මල්ලි එතනම මිය යයි

colombotoday

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගුරු සමීක්ෂණයක්

colombotoday