Colombo Today Local News

කෝටි හතර හමාරකට විකිනීමට ගිය ගජමුතු යුගලක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

රුපියල් කෝටි හතරාමාරකට (4 ½) අලෙවි කිරීමට ගිය ගජමුතු යුගලක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ වැටලීම් නිලධාරීන් කටයුතු කර ඇත.

ඒ අනුව පසුගියදා (31) කැකිරාව පොලිස් බල ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදු කර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කිතුල්හිටියාව පදිංචි එම්.සනෝජ් දිල්ෂාන් කුමාර නැමැති 21 ක් හැවිරිදි තරුණයෙකි.

මෙම ජාවාරම්කරු සමඟ තවත් සැකකරුවන් දෙදෙනෙකු සිට ඇති බවත්, වැටලීම සිදු කරන අවස්ථාවේදී මෙම තිදෙනාගෙන් එක් අයෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වු බවත්, පලාගිය සැකකරුවන් දෙදෙනා මරදන්කඩවල සහ කැකිරාව ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු බවට හදුනාගත් බව විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ වැටලීම් නිලධාරීන් කියයි.

වැල්ලවත්ත ප්‍රදේශයේ සිට පැමිණි ගැණුම්කරුවෙකු ලෙස පොලිස් උපාය දූතයන් යොදවා මෙම වැටලීම සිදු කර ඇත.

මෙම වැටලීම පොලිස් පරීක්ෂක රුවන් ජයවර්ධන, උ.පො.ප. බංඩාර, පො.සැ. ශාන්ත (48326), පො.කො. විජේරත්න (66935), සමීර (71448), දිසානායක (82440), බංඩාර (84137), සමන් (87834) යන අයවළුන් විසින් සිදු කර ඇත.

මැදවච්චය – සජිත් ගයාන් උබේපාල

Related posts

නව අගමැති දිනේෂ් ගුණවර්ධන දිවුරයි

colombotoday

කොරෝනා වෛරසයට එන්නතක් සාර්ථක වන ලකුණු

colombotoday

තවත් ඇමතිවරු 10ක් අද දිවුරයි

colombotoday

විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද

colombotoday

“හොරු එලවන්න ආපු මට, දැන් හොර කල්ලියක් එක්ක ඉන්න වෙලා“ – ජනපති

colombotoday

රජයේ වාහනයක් ගෙදර ගෙනියලා.. ඇමති ෆවුසිට නඩු !

colombotoday