Business

රටවිරුවන්ට ඩොලර්වලින් බදු මුදල් ගෙවා වාහන එවීම සඳහා වසරක සහන කාලයක් ?

විදේශයන්හි රැකියාවල යෙදී සිටින ශ්‍රී ලාංකිකයන්ට (රට විරුවන්ට) තමන්ට අවශ්‍ය වාහනයක් ඒ අය උපයන ඩොලර්වලින් බදු මුදල් ගෙවා මෙරටට එවීම සඳහා වසරක සහන කාලයක් දීමට සලකා බලන බව මුදල්,ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තුවේදී අද (3) පැවැසීය.

ඔහු මෙසේ පැවසුවේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට හැකියාවක් තිබේදැයි විමසූ අවස්ථාවේදීය.

කොවිඩ් සමග රට මුහුණදී සිටින්නේ අස්වාභාවික තත්වයකට බවත් මේ සියලුම අභියෝග මැඩගෙන සෑම පාර්ශ්වයකටම ලබාදීම උපරිම සහන ලබාදීමට කටයුතු කරන බවත් හෙතෙම සඳහන් කළේය.

පවතින තත්වය හමුවේ මෝටරථ ක්ෂේත්‍රයේ ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් විවිධ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දී සිටින බව පිළිගන්නා බවද කබ්රාල් මහතා පැවසුවේය.

මෙහිදී අදහස් දැක්වූ දැක් වූ ප්‍රේමනාත් දොලවත්ත මහතා පැවසුවේ රටවිරුවන් එරට හම්බකරන ඩොලර්වලින් වාහන මිලදීගෙන බදු ගෙවා මෙරටට එවුවහොත් ශ්‍රී ලංකාවේ මුදල් පිටට යෑමක් සිදු නොවනු ඇති බවයි.

එමගින් මෙරට විදේශ මුදල් සංචිතය තවත් ශක්තිමත් වනු ඇතැයිද ඔහු පැවසුවේය.

රටේ වාහනවල මිල අස්වාභාවික ලෙස වැඩි වී ඇතැයිද ප්‍රේමනාත් දොලවත්ත මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

Related posts

ෆයිසර් සහ මොඩර්නා එන්නත් මිල ඉහළට.

colombotoday

Virginia DMV to open new Williamsburg customer service center

colombotoday

කොටස් වෙළඳපොළට ආයෝජකයන් ගෙන්න රවී ලන්ඩන් යයි.

colombotoday

කොටස් වෙළදපොළ මිල දර්ශකයේ වර්ධනයක්

colombotoday

ගමක මිනිස්සු හූරා කෑමට Dialog දැරූ උත්සාහය. | 3000 ක් ඉල්ලුවේ නෑ කියලා වොයිස් කට් එකකුත් ඉල්ලලා. | හාමුදුරුවෝ සියල්ල හෙළිකරති.

colombotoday

TalkTalk හැකර් කරුවන්ගේ ග්‍රහණයට, මිලියන 4ක් බැංකු ගිණුම් අවදානමේ – මුස්ලිම් අන්තවාදීන්ට චෝදනා

colombotoday